(ගයාන් සූරියආරච්චි)
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 625 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 ක් සමගින් මුළු සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 160g, අයිස් 152g , ගංජා 10 kg 745 g , ගංජා පැල 34,237, මාවා 31g , මත්පෙති 683, තූල් 226g, මදන මෝදක 264g අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 545 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරු වෝ 07 ක්ද සිටිති.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 80 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 03 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවෝ 74 ක්ද සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය වෙදමහත්වරු බොහෝමයක් බෙහෙත් හදන්න කංසා ගන්නවා කියලා අහලා තියෙනවා ඔවුන්ට බලපත්‍ර යටතේ හෝ ඒවාට අවසරය තියෙනවා මෑතකදී ඩයනා ගමගේ කංසා වගාව ප්‍රවර්ධනය කරන්න ඕනෑ කියලා 2023 අයවැය මගින් අනුමත කළා දේශීය වෙද ඇමැතිතුමා එයට උනන්දු වෙද්දී යුක්තිය යටතේ බෙහෙත් වර්ග අත් අඩංගුවට ගන්නවා කියලා කතාවක් පුවත්පත් මගින් දැක්කා. එහෙම බැලුවොත් යුක්තිය මගින් දේශීය වෙදකමට අයුක්තියක් වෙන්න පුළුවන්...