
( ඒ.ජි.වික්‍රමසිංහ)
පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මදගම අලුත්වත්ත ගිලිමලේ පදිංචි අවුරුදු 54 වන අවිවාහක අයෙක් බව පොලිසිය පවසයි.
පාගොඩ වෙල්යායක පතල් කැණිමි සේවයේ යෙදෙන තිදෙනෙක් ඊයේ( 10 ) රාත්‍රියේදි පැලක සිටියදි මියගිය අය ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති බවත් එහි ශබ්දය අඩුකරන ලෙසට අනික් පුද්ගලයා පවසා ඇත .
පසුව එය අඩු නොකිරිම නිසා දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් අසල තිබු යකඩ පොල්ලකින් අනික් පුද්ගලයාගේ හිසට පහරදි ඝාතනය කර ඇති බවත් පොලීසිය කියයි.
සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 59ක් වන අවිවාහක අයෙක් බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd