(ඩී.ජී.සුගතපාල)
යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට ඉකුත් (19)දින දහවල් සිදු කරන ලද වෙඩි තැබිමකදි ඒ අසල සිට සිව් හැවිරිදි කුඩා ළමයාට වෙඩි වැදිතිබූ අතර බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම මියගිය බව කරාපිටිය රෝහල පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රණේපුර හේවගේ අනුත් සත්සර නමැති සිව් හැවිරිදි ළමයෙකි.
කුරුඳු තලමින් සිටි පුද්ගලයා ඉලක්ක කර සිදු කරන ලද වෙඩි තැබිමේදි කුරුඳු තලමින් සිටි පුද්ගලයා මියගොස් ඇති අතර ඒ අසල සිටි මෙම කුඩා ළමයාටද වෙඩි වැදි ඇත.
පසුව තුවාල ලබා සිටි ළමයා කරාපිටිය රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
වෙඩි වැදිමෙන් එදිනම මියගොස් ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචි වෙඩික්කාරගේ සමන් කුමාර නමැති 33හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා කරන්දණිය ප්‍රදේශයේ සිදු කරන මිනි මැරුම් නඩුවක සැකකරුවෙකු වන අතර අධිකරණයෙන් ඇප ලබා පැමිණ යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටි.56 ගිවි අවියකින් වෙඩි තබා
පලාගොස් ඇත.
කුඩා ළමයාගේ පාදයකට සහ බඩට වෙඩි වැදි තිබු බවත් රෝහල් ප්‍රකාශකයා පැවසිය.
මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ මහතාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කුඩා දරුවා මියයයි
arschfikaa Monday, 31 October 2022 12:05 AM
මිනීමරු සිංහලයන්ගේ තවත් ක්‍රියාවක්