
(තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේදී කොටසක් ගිලා බැසීමට ලක්වූ පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (4) උදෑසන සිට සාමාන්‍ය පරිදි රථවාහන ගමනා ගමනයට එක් කළ බව මාර්ග සංවර්ධනය අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
ඉකුත් 30 වෙනි දින පාලමේ කොටසක් ගිලා බැසීමට ලක්වූ අතර එදින සිට අඛණ්ඩව සිය කාර්ය මණ්ඩලය පිළිසකර කිරීම සිදු කරමින් කටයුතු අවසන් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැඩ බලන ප්‍රධාන ඉංජිනේරු කසුන් ද අල්විස් මහතා පැවසීය.
පාලම පැය 96 ක් තුළ යථාතත්ත්වයට පත් කරමින් ප්‍රධාන මාර්ගය රථවාහන ධාවනයට පත්කිරීම නිරීක්ෂණය කරමින් මාධ්‍ය හමුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කර සිටියේමේ සඳහා එක්වූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්න පුලුවන් බවත් බොරු ශෝ නැතුව ගොඩ දාන්න පුලුවන් බවත් ඔප්පු කරලා පෙන්නුවේ ඉදිරියටත් රටේ විනාශය හදාගෙන ලංකාව ගොඩ දාන්න පෙරනිමිත්තක් සේය.
සුපිරියි...
සුපිරියි. අනෙක් අයත් කකුලෙන් අදින්නේ නැතිව අතගහන්න. නැත්නම් යුද්දෙන් පසු එකල විපක්ෂයට වුනු වැඩේම වේවි...
ඕක සාර්ථක පිළිසකර කිරීමක් නොවේ. කළ විදියෙන් ඉදිරියේදී ඔයිට වඩා විනාශයක් වීමට ඉඩ තිබෙනවා. මං ඔය අවට ඉන්න නිසා කියන්නේ අදාල කොටස පමණක් වසා දැමීම නොව ඊට එහාට හතර පැත්තෙන් කඩා දමා තමයි කරන්න ඕනෑ එසේ කලේ නැහැනේ...