IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යක්කල සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි

(තිලකරත්න දිසානායක) 

යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා ඒවායෙහි කටයුතු කළ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමියෙකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි. 

අදාල පළාත් පාලන ආයතනය මගින් වෙළඳ ස්ථානයක් පවත්වාගෙන යාම පිනිස ලබාගත් වෙළඳ බලපත්‍ර පමණක් තබා ගනිමින් එම ස්ථාන පවත්වා ගෙන ගොස් ඇතත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිනිස රජයේ නියමිත බලපත් නොවුයෙන් මධ්‍යස්ථාන දෙක වටලා ඒවායෙහි සේවය කරමින් සිටි පිරිස මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. 

සේවයෙහි නියැලී සිටි බව කියන කාන්තාවන් වයස අවුරුදු 25-40 ත් අතර වයසේ පසුවන වැලිමඩ, රත්නපුර යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් වන බවත් විවාහක කාන්තාවන් වන මොවුන් ඇගළුම් කම්හල් ඇතුලු විවිධ ස්ථානයන්හි රැකියා කරන බව පවසා පැමිණ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කොට ඇති බවත් අනාවරණයවී යැයි පොලීසිය සදහන් කරයි. 

යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න යන මහතාගේ උපදෙස් පරිදි දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වසන්ත කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ කාන්තා පොලිස් කොස්තාපල් අනුරාධා  ( 5727) සහ කොස්තාපල් බෝපෙගෙදර (89116) විසින් මධ්‍යස්ථාන දෙක වටලා සැකකාරියන් සහ සැකකරු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.



අදහස් (1)

යක්කල සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි

Bamunuarachchi Monday, 26 September 2022 11:19 AM

අසරණ මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. හොරුන්, මංකොල්ලකාරයින්ට තියෙන බය නිසා ඔවුන් අල්ලන්නේ නැහැ...

:       3       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site