(සුජිත් හේවාජුලිගේ)

යුද්ධය නතර නොවුණහොත්  ලංකාව මීට වඩා බැරෑරුම්  ප්‍රශ්නවලට  යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

යුද්ධය නතර කර ගැනීමට ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ ප්‍රශ්නයෙන් අද ගොඩාක් දුක් විඳින්නේ යුද්ධය තියෙන රටවල්වලට වඩා  යුද්ධය නැති රටවල් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා  යුද්ධය නැති රටවල් අද විශාල ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවද පෙන්වා දුන්නේය.

යුද්ධයට එරෙහිව බොහෝ රටවල අද විරෝධතා මතුවෙමින් පවතින බව මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ මාධ්‍ය කළ විමසුමකදීය.