
(අංජුල මහික වීරරත්න)
ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට විශාල තර්ජනයක්ව පවතින මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සහ එම ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කඩිනම් හා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ අම්පාර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම පැවැත්විණි.
ධීවර ප්‍රජාව එහිදී ඉල්ලා සිටියේ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් අවශ්‍ය බවයි.
ඊට අමතරව ඔලුවිල් වරාය පූර්ණ ධීවර වරායක් ලෙස ශ්‍රේණිගත කිරීමටත්, වරාය මුවදොර ගොඩගැසී ඇති වැලි ඉවත් කර ධීවර කටයුතු වලට සුදුසු පරිදි වරාය සංවර්ධනය කිරීමටත් කටයුතු කරන ලෙස ධීවරයෝ අමාත්‍යවරයාගේ ඉල්ලා සිටියහ.
ධීවරයන්ගේ අදහස් හා ඉල්ලීම් වලට සවන් දුන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරීන් සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කර ගැටලුවලට ප්‍රායෝගික හා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවට සහතික විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd