
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනී පත්වීමෙන් පසු ඊශ්‍රායලයට එල්ල කළ පළමු මිසයිල ප්‍රහාරයේ මිසයිලවල "මොජ්තබා උතුමාණන් ඔබගේ සේවයට පැමිණියා" ලෙස කොටා තිබූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධයේ 10 වෙනි දින වූ අද (09) ඉරානය, තුර්කිය හා ඊශ්‍රායලය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කීපයකට මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.
තුර්කියට ඉරානය එල්ල කළ මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව නේටෝ සංවිධානය නිල වශයෙන් පැවසුවේය.
එසේම ඊශ්‍රායලය ද ඉරානයේ බොරතෙල් ගබඩා හා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කරමින් දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් එම ගබඩා හා සැපයුම් මධ්‍යස්ථාන ගිනිගෙන විනාශ වී ටෙහෙරාන් අගනුවර කළු වළාකුළුවලින් වැසී ගොස් තිබිණි.
ඊශ්‍රායලයට එල්ල කළ ප්රහාරයන්ගෙන් ඉරානයේ 1255 ක් මියගොස් තවත් 12,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණේය.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව සමග සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් කිසිම පළක් නොමැති බවත් ඇමරිකාවට අවශ්‍ය ඉරානය කෑලිවලට කඩා සිය භූමිය සතුව තිබෙන බොරතෙල් අයිතිකර ගැනීම බවත්ය.
ඒ හේතුවෙන් දැන් සාකච්ඡා කළ යුත්තේ ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලට මුහුණ දෙන ආකාරය පිළිබඳව සහ එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය බව යැයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇති බැවින් ලෝක බලශක්ති සැපයුමට බාධා එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් වැදගත් වෙළඳ නැව් මාර්ග ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශය යුද නෞකාා දෙකක් රතු මුහුදට යැවීමට තීරණය කර තිබෙන බවත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (09) දැනුම් දුන්නේය.
කෙසේ නමුත් ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බොරතෙල්වලට ඇති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලට වඩා රුසියානු බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd