(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර සමුපකාර රෝහල් පරිශ්‍රයේ පැවැත්වු විරෝධතාවයක් අතරතුරදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු එම රෝහලට පත් කළ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද නැමැත්තා ඇතුළු පස් දෙනකු ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද නියෝග කළේය.

එසේ රිමාන්ඩ් භාරයට පත් කල පිරිස අතර විරෝධතාවයට සහභාගී වු මාකෝප් පෞද්ගලික සමාගමේ සේවකයන් තිදෙනකු හා සේවිකාවක ද විය.

ඔවුන්ගෙන් තිදෙනකු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන බව පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.