
(රවින්ද්‍ර විරාජ් අබයසිරි )
මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩි පුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ මාතලේ මහන නගර සභාවේ සරෆ් වරිය ලෙස සේවය කළ නයනා ප්‍රියදර්ශනී නැමති කාන්තාවකි.
මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහා නගර සභා සීමාව තුළ පදිංචිකරුවකුගෙන් නම් රුපියල් 20000ක් අය කිරීමට හා මහ නගර සභා සීමාවෙන් පිටත මෘත දේහයක් සඳහා රුපියල් 25000ක මුදලක් අය කිරීමට මහ නගර සභාව තීරණය කර ඇති නමුත් මාතලේ මහ නගර සභා සීමාව තුළ මෘත දේහයක් ආදානය කිරීමට රුපියල් 25000 බැගින් බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කරමින් මෙසේ එක් මළසිරුරකින් රුපියල් 5000 බැගින් ලබාගෙන ඇතැයි අධිකරණයේදී කියැවිණි.
ඒ අනුව රුපියල් 5,50,000 ක මුදලක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව 1982/අංක 12 පොදු දේපළ පනත යටතේ අදාළ කාන්තාව කාන්තාව සැකපිට අත්අඩංගුවට අධිරිකරණයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරප් තනතුර 2004 වර්ෂයේ අවසන් කලා එපමණක් නොවෙයි ලඝුලේඛක/ලේඛිකා ,යතුරු ලියන තනතුර (ටයිපිස්ට්) අවලංගු කලා. එනිසා එම තනතුර භාවිතා කරන්න බැහැ මුදල් අයකරන කෙනෙකුට කළමනාකරණ සහකාර (මුදල් හෝ අයකිරීම් / ගෙවීම් ) අයකැම් කියන්න පුළුවන්
550,000 ඇයි අතට අහුවෙන ප්‍රමාණය .තව මෙයට වඩා කොපමණ මුදලක් වංචා කරන්න ඇද්ද .මල මිනී වලටත් වංචා කරන කාලයක් දැන් උදා වී තිබෙන්නේ .රජයෙන් මල මිනී වලිනුත් වැට් අය කරන කාලේ මෙය පුදුමයක් නොවේ
මළ සිරුරකින් පන්දාහක් ගත්ත කාන්තාව රිමාන්ඩ් කරලා, ජීවත් විය යුතු සිය ගණනක් ගාතනය කල පාස්කු ප්‍රහාරයේ සහ බාල ඖෂධ ජාවාරමේ මහ මොල කරුවන් තවම නිදැල්ලේ යහතින් වැජඹෙනවා.
මළසිරුරක් ආදාහන කටයුතු සඳහා වැඩිපුර රුපියල් 5000/= ගන්න බැහැ... සාමාන්‍යයෙන් එහෙම කළොත් එකකට රුපියල් විසිදාහක් විතර වෙන්න පුළුවන්... සාමාන්‍යයෙන් මිනිස්සු ආදාහනාගාරය සඳහා අයකිරීම කොපමණද කියලා සොයාබලා නැහැ කියලා පේනවා.. දෙන්නන් වාලේ දෙන මිනිස්සු හිටියාම ඒක හරියට කපුවා හිටගෙන මුත්‍රා කරද්දී පුතා දුවමින් කරනවා කියන්නේ ඕකට තමයි...