IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘මීළඟ සැසියේදි 19 බලගැන්විය යුතුයි‘‘

(නිමල කොඩිතුවක්කු)

රජය පොරොන්දු වූ ආකාරයට ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයේදී ශේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව 19 වැනි සංශෝධනය නැවතත් වහා බලගැන්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

කිසිදු ආකාරයක ජනතා සහභාගීත්වයෙන් තොරව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු රටේම විනාශය සිදු වූ බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

“ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීම සහ යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” මැයෙන් හලාවතදී පැවති සම්මණ්ත්‍රණයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. නවතම වාර්තා අනුව සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වන බවත් ජයසූරිය මහතා එහිදී කීවේය.

පසුගිය මාස 8 අට තුළ වෛද්‍යවරුන් 500 කට වඩා රට හැර ගොස් ඇති බවත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවරු ඇතුළු සිය ගණනක් බුද්ධිමතුන් විදේශගත වීමෙන් අනාගත ජාතික සම්පත් රටට අහිමි වන බවත් ඔහු පැවසීය.

මේවා රටක් පිරිහීමේ පෙර නිමිති බැවින් රජය වහාම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ජයසූරිය මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

‘‘මීළඟ සැසියේදි 19 බලගැන්විය යුතුයි‘‘

chandima Sunday, 25 September 2022 10:29 PM

අරයා ඡන්ද 30000ක් අරන් රටම වෙනස් කරනවා. මෙයා පෙන්ෂන් අරන් ගෙදර ඉන්න ගමන් රට කරන හැටි වෙනස් කරන්න යනවා. අනේ මන්දා... ඡන්දෙ දෙන මිනිස්සු මේ තරු 5 ප්‍රජාතන්ත්‍රවාදී දිහා තුෂ්ණිම්භූත වෙලා බලන් ඉන්නවා.

:       0       0

asanka Monday, 26 September 2022 08:46 AM

මහත්තයෝ ඔබලා මොනවා කිවුවත් මේ රට කිසිම දවසක හැදෙන බවක් පේන තෙක්මානෙකවත් නැහැ රට පිරිහෙන්න දෙයක් නැහැ පිරිහී අවසන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ තවත් දක්ෂ බුද්ධිමතුන් රට හැර යාම සක්කරයාගේ පුතා වයිමා ආවත් නවත්වන්න බැහැ ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඉතුරුවෙන අය කොයි වගේ අයද කියලා ඔබම හිතා ගන්න.

:       1       105

මැක්ස් Monday, 26 September 2022 09:01 AM

වර්තමානයේ මෙරට මුහුණ දී ඇති සියලු ව්‍යසනවලට මග පෑදූ යහපාලන විගඩමක් ඇටවීම සදහා කටයුතු කළ මෙතුමා මහා චන්දයකට නොඑන නිසා එතුමාට දේශපාලන පාඩමක් ඉගැන්වීමට ජනතාවට අවස්තාවක් නොමැති වීම කනගාටුවට කරුණකි.

:       4       7

Senka Monday, 26 September 2022 09:09 AM

රටට කෙලවන්න පටන් ගත්තෙ තමුන්ගේ සෙට් එක පාස්කු ප්‍රහාරෙන්. ඒක කොර ගත්තෙත් ඔය 19 උදව්වෙන්. එක දිගට කන්න පුලුවන් ආපහු ගෙනාවොත් ඉතින්.

:       43       7

C.K.LankaputhraMonday, 26 September 2022 01:45 PM

මෙහමත් මිනිස්සු තවත් මේ රටේ ඉන්නවා. පුදුමයි.

:       0       3

යකාගෙ නීතිය Monday, 26 September 2022 02:25 PM

1994 සිට මහජනතාවගේ බදු මුදල් වලින් පිනට කකා පාර්ලිමේතුවේ සිටි පිංගුත්තරයින්ට හා ඔවුන්ට දාව එහෙයියන් වූ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයින්ට ගොටු අල්ලා ටෙන්ඩර් කොන්ත්‍රාත් ගත්තු හොර හැත්ත මේ රටෙන් මකබෑවිලා ගියා නම් රටට ආදරේ කරන කිසිම උගතෙක්, වියතෙක් මේ සුන්දර රට දාලා යන්නේ නැහැ... අපේ විධායකයට තියෙන බලතල හරියට දන්නවා නම් ඩොනල්ඩ් ට්‍රම්පුත් ලංකාවේ ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලනවා. රට ඉවරයි කියලා සම්මන්ත්‍රණ තියෙන දේශන තියන ඔය කවුරුත් අඩුම අවුරුදු 25ක් වත් පාර්ලිමේන්තු කැන්ටිමේ රහ බලපු අය. මගේ නම් එකම ප්‍රයත්නය රුසියාව යුක්‍රේනයට යවන එක මිසයිලයක් ඔය දියවන්නාවට වැටේවා කියන කාලකන්නි සතුට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site