(අංජුල මහික වීරරත්න)

2022/23 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 ම කුඹුරු හෙක්ටෙයාර් 636,348ක වගා කටයුතු අරඹා ඇති බව ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය  ඉලක්ක කර ඇති වී වගා කිරීමට අපේක්ෂිත සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 851,043කි.

ඒ අනුව වපුරන ලද හෝ පැළ සිටුවන ලද කුඹුරු බිම් ප්‍රමාණය 435,842ක් වන අතර   මූලික බිම් සකස් කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 200,502ක් බව අමාත්‍යාංශය පවසයි.

 මහවැලි, මහා වාරිමාර්ග හා සුලු වාරිමාර්ග මෙන්ම අහස් ජලයෙන් වගා කරන කුඹුරු සියයට 100ක් වගා කිරීම ඉලක්ක කර ගනිමින් මෙවර මහා කන්නයේ වී වගාව ආරම්භ කර තිබේ.