IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩි සෝසා නම් කාන්තාවකි. එරිකා රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුව රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු බවත් දෙදෙනා ඥාතීන් බව මූලික විමර්ශන වලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවත් බ්‍රසීල පොලිසිය පැවැසුවේය.ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ මාමේ ණය ගන්න අත්සන් කරන්න මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න යනුවෙන් එරිකා මළ සිරුරට ප්‍රකාශ කර ඇතැයි බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි බ්‍රසීල පොලිසිය පැවැසුවේය .



අදහස් (1)

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි

පිටිගල මිලානෝ Friday, 19 April 2024 01:08 PM

ලංකාවෙත් ඉන්නවා ඇවිදින මළමිනියක් හිටපු ගමන් ප්‍රසිද්ධ මළගෙවල් වල සහ සමහර දේශපාලන උත්සව වලට රිංගන.

:       9       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site