(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
දැනට ඉන්ධන පිරවුම් හල් වලින් ලබාදෙන තෙල් කෝටාවට අමතරව එම ඉන්ධන කෝටාව ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා නිවේදන නිකුත් කරලා වැඩක් නැහැ. අදට දින 11ක් ඩොලර් නැතුව තෙල් නැවක් මුහුදේ ගාල්කරලා. දවසකට ඩොලර් 75000ක ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන්නේ. ඇයි ඩොලර් නැතුව මෙහෙම තෙල් ඇනවුම් කරන්නේ? මේ වගේ වැඩ නිසා තමයි සංස්ථාව පාඩු ලබන්නේ. හැබැයි මේ පාඩුව පටවන්නේ ජනතාවට. කිසිම සැලස්මක් නැති මේ ඇමැතිලාත් එක්ක ආර්ථිකය ගොඩ නගන්න පුළුවන්ද?
ඒක හොඳයි...!
ඇයි මීටරේ අනිවාර්යය කරලා නීතියක් දාන්න අධිකාරි බලයක් තියෙන ප්‍රවාහන අධිකාරිය බයද? හරි නම් කිලෝමීටරේට ගෙවන්න ඕනේ ගාණත් තීරණ කරන්න ඕනේ අධිකාරියෙන්...!
නියමයි. අන්න එහෙම කෙලින් තින්දු තීරන ගන්න මිනිස්සු තමයි රටට ඔනි.
අම්මෝ දෙන්න නම් එපා... භාගයක්ම විකුණයි..
එයාලා ඉල්ලන්නේ පොඩි ෂෙඩ් එකක් දාගන්න පුළුවන් තරම් ඉන්ධන. පහුගිය දවස්වල ඒ ව්‍යාපාරය කරලා දැන් රහ වැටිලා ඉන්නේ...
මේ වගේ ගොං ඇමතියෝ ඉන්න රටක් කොහොමද දියුණු වෙන්නේ. මිල ප්‍රදර්ශනය කරනවට අමතර දීමනා ගෙවන්නේ මොන රටේද? මිල ප්‍රදර්ශනය නොකරනවනම් දඩ ගහලා බලපත්‍ර අහෝසි කරනවා මිසක්. රටේ නීතිය මේ ගොල්ලෝ තවත් අවුල් කරනව. මිනිස්සුන්ට නීති කඩන්න උදව් කරනව.
මිල නම් ප්‍රදර්ශනය කරාවි.. නමුත් වාහනයට නැග්ගාම කියනවා කි.මී. යට රුපියල් 150යි කියලා. මට එහෙම වුණා. එතකොට මොකද කරන්නේ? ලීටර් 5ට වැඩිය දෙන්න එපා...!