(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා අලෙවි කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩ වැඩබලන සාමාන්‍යාධිකාරි ජනක මුදලිගේ මහතා පැවසීය.
ඉකුත් මස 27 වැනි දින සිට ඊයේ 2 දින දක්වා යාත්‍රා 72 කින් කිලෝ 6 ලක්ෂ 36407 ක් මත්ස්‍ය තොග බේරුවල ධීවර වරාය වෙත ලැබී ඇතැයි මුදලිගේ මහතා පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳසැල සහ අනෙකුත් සියලුම මාළු වෙළඳසැල් වසා තිබීම හේතුවෙන් මාළු තොග අස්වැන්නෙන( 95%) ක් එලෙස කරවල සඳහා අලෙවි කළ බවත්, ඉතිරි 5% ධීවර සංස්ථාවට හා අනෙකුත් මාළු ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කළ බව මුදලිගේ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අතීතයේ සිටම මාළු මස් කල් තියා ගැනීමේ ක්‍රමය තමයි ලුණු දමා වේලා ගැනීම. ලුණු දමන්නේ රසකරන්න නොවෙයි ඉක්මනින් වතුර ඉවත් කිරීම සඳහා. නැතිනම් වේලෙන්න පළමුව නරක් වෙනවා.
රට යන විදිහට සාමාන්‍ය මිනිහෙකුට කරවලයි, බතුයි කාලා තමයි දිවි ගැටගහගන්න වෙන්නේ හෙට අනිද්දා වෙනකොට