
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කොල්ල කෑ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම උඩුවන ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී සැකකරු කොල්ලකෑම්වලට යොදා ගත් ව්‍යාජ පිස්තෝල දෙකක් , උල් පිහි හතරක් , විෂ දියරයක් සහිත බෝතලයක් , මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිස් භාරයට ගෙන.
මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ පහක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබා ගත් ඇමතුම ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා රෝහල්ගත කළ බවත් යම් ගනුදෙනුවක් අවශ්‍ය නම් තමන් සමග කතා කරන ලෙස මහේස්ත්‍රාත් වරයාගේ සහෝදරයකු ලෙස සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඔලියමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක් අසල වෙළඳසැලක නමක් පවසා එහි තිබෙන යතුර රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස රඟපෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතා සැකකරු ප්‍රකාශ කරන අයුරු එම ප්‍රදේශයේ තැන තැන සිවිල් ඇඳුමින් සරසවා රඳවා සිටී නිලධාරින්ගේ කන වැකීමත් සමඟම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන වත්තල පදිංචි කරුවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරු සාක්ෂි සහිතව අල්ලාගත් පොලිස් නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය ... !!! එසේම මින් ඉදිරියට හෝ දේශපාලකයන්ගේ නියපොත්තක් ගානේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෝ මහේස්ත්‍රාත් වරුන් වැනි තනතුරු දරන ඇත්තන් වෙනුවෙන් රාජකාරියේ යොදවන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමු.
අනේ අපොයි මේ වගේ නඩුකාරයො දෙන තීන්දු වලින් කීදෙනෙක්නම් අනාථ වෙලා ඇත්ද…?
අයියෝ මෙහෙමත් මොඩයෙක්.. හැබැයි පොඩි හුරතල් ගෙම් එකක්.. ජිවිත හානියක් ක් නෑනෙ..
ඇයි බයිසිකල් චේන්,ගංජා නැත්නම් කුඩුවර්ග හෙම තිබුනෙ නැතෙයි
අරුම පුදුම හමුවීමක් .
අපේ පොලිසිය හරි දක්ශයි.දේශපාලකයන්ගෙ හැර අනිත් ඔක්කොම හොරකම් අල්ලනවා.
රටේ හොරකම් වැඩි වෙන්නෙ කන්ඩ නැති හින්දාම නොවෙයි. මහා පරිමාණ හොරු,අපරාධකාරයෝ නිදැල්ලේ ඉන්න එකත්,ඒවට හරියට නීතිය ක්‍රියාත්මක නොවීමත් හේතුවක්.
මෙ ඔක්කොම පැය කිහිපයක් අතුලත විමර්ශනයකර අල්ල ගන්න පොලිසියට පුලුවන් , එකට මගේ ප්‍රනමය , නමුත් ඩයන බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද? ශ්‍රී ලංකික පුරවැසියෙක්ද එහෙම නැතිනම් දිත්ව පුරවසියෙක්ද කියන එක නිශ්චිත වශයෙන්ම සොය ගන්න මාස ගානනක් ගිහිල්ලත් බැරිවුනා
ටිකක් අනුර කුමාර් වගේ නේද?