IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහවැලිය ගොඩනැගිලි 13ක කෝටි 7ක කුලියට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජාවත්ත පරිශ්‍රයේ  බාහිර පාර්ශවයන් භාවිතා කරන ගොඩනැගිලි දහතුනක් වෙනුවෙන්  රුපියල් කෝටි 7කට  වැඩි  කුලී මුදලක්  අයකර ගැනීම පැහැර හැර ඇතැයි    ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම ගොඩනැගිලි දහ තුන  සඳහා තක්සේරු වාර්තාවට  අනුව කුලී මුදල්  අය කර ගන්නා ලෙස දන්වා තිබූ තිබුණද 2020 වර්ෂය දක්වාම එම මුදල් අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම අධිකාරිය විසින් එම ගොඩනැගිලි වෙනුවෙන් විදුලි හා ජල බිල්පත් සඳහා  රුපියල් දෙකෝටි හැත්තෑ  ලක්ෂයක මුදලක්  ගෙවනු ලැබ තිබු නමුත්    එම මුදල්ද  අදාළ පාර්ශව වෙතින් ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කර නොතිබූ බව  විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

එසේම අධිකාරියට අයත් ගබඩා හතළිස් තුනක් 2019 වර්ෂයේ සිට වී අලෙවි මණ්ඩලය  විසින් භාවිත කරනු ලැබුවද එම ගබඩා වෙනුවෙන්ද  කිසිදු කුලී මුදලක් 2019 වර්ෂයේ දෙසැම්බර් 31වැනිදා වනවිටත් අයකරගෙන නොතිබූ බව  විගණන වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන්වී ඇත්තේ  පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන  වාර්තාවේය.



අදහස් (0)

මහවැලිය ගොඩනැගිලි 13ක කෝටි 7ක කුලියට පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site