IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහවැලි ගඟෙ තිබී පෞරාණික කල දෙකක් හමුවෙලා?

(නිමල් ජයරත්න)

වැලි කැණීම් කරන පෞද්ගලික සමාගමක පිරිසකට මීට සතියකට පෙර මනම්පිටිය මහවැලි ගගේ මැද තිබි පෞරානික වටිනාකමක් පුරාවස්තු මැටි කළ දෙකක් හමු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් මහතා පවසයි.

ඔවුන් දින ගණනක් ඔවුන් සතුව තබාගෙන පසුව පොලොන්නරුව වනජීවි කාර්යාලීය නිලධාරීන්ට භාරදීම සැකයකට හේතුවී ඇතැයි ද ඔහු කියයි.

මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදමන එම සමාගමක් ගඟේ මැද වැලි කට්ටක් ඉවත් කිරීමට අවසර ඉල්ලා සිටියද, ඊට වනජීවී දෙපාර්තමේන්තුව නිර්දේශ ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක අනීතික වැලි කැණීම් කරන විට හමු වූ මෙම පුරාවස්තු මැටි කලදෙක ලබාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, පොලිසියත්, වනජීවී දෙපාර්තමේන්තුවත් දැනුවත් කළ යුතු වුවද එම කළදෙක වැලි කැණීම් කරන පුද්ගලයන් සහ පෞද්ගලික සමාගම හොර රහසේම ලබාගෙන හත්වෙනිදා, පොලොන්නරුව වනජීවී කාර්යාලයට භාරදීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට හැකි බවද කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.

මෙම මැටි කල දෙකේ කිසියම් පුරාවස්තු වටිනාකමකින් යුත් ආභරණ හෝ මැණික් ගල් තිබුණා දැයි යන්න සැක මතුව ඇති බවත්, ඒ පිළිබඳ උසස් නිලධාරීන් දැනගැනීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කරනු ඇති යැයි සිතා එම කල දෙක පෞද්ගලික සමාගම සතුව තබාගෙන පසුව පොලොන්නරුව වනජීවි කාර්‍යාලයට බාරදීමට කටයුතු කළා දැයි යන්න සැක පවතින බවද සමස්ත ලංකා අඩවි සහකාර වෘතිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීය.

අප මේ පිළිබඳව පොලොන්නරුව අඩවි සහකාර ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මනම්පිටිය මහවැලි ගඟේ මැද වැලි කට්ට කැපීමට කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බවත්, හමු වු මැටි කලදෙක පුරාවිද්‍යා වටිනාකමක් නොමැති කලගෙඩි දෙකක් බවත්, එය වතුර බොන කලගෙඩි දෙකක් හෝ මිනී අළු දාපු කලගෙඩි දෙකක් බවත්, එම සැකය දුරු කරගැනීම සඳහා පොළොන්නරුව පුරාවිද්‍යා කාර්‍යාලයේ නිලධාරීන් දැනුවත් කර වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන බවයි,

 



අදහස් (4)

මහවැලි ගඟෙ තිබී පෞරාණික කල දෙකක් හමුවෙලා?

Sethuhami Friday, 08 September 2023 12:56 AM

එකක් පවිත්‍රා නෝනා විසි කරපු එකක්. ඇයි අර පාලම උඩ ඉඳන් ගඟට දැම්මේ මතක නැද්ද?

:       0       12

liyanage Friday, 08 September 2023 08:59 AM

මෙම කාල දෙකෙහි කාගේ හෝ බශ්මාවශේෂ තිබුනා විය හැකියි

:       1       5

Nimal Friday, 08 September 2023 09:35 AM

කාල දෙකක් ,කල දෙයක්

:       2       2

wimal Friday, 08 September 2023 11:17 AM

හරි පිතුරයක් දැමිය යුතුයි. සමහර දේවල් ආටක නාටක. සමහරවිට පවිත්‍රා දේවි හිටිය කාලෙ කල ‌දෙකක් වෙන්න අති.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site