(අංජුල මහික වීරරත්න)
මහවැලි ඉඩම් සඳහා ද උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම් වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ජනතාවට ලබා දී ඇති ඉඩම් ද අදාල කර ගැනීමට නියමිතය.
ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට අනුගතව මහ වැලි ඉඩම් වලට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ඉතාම හොඳ දෙයක්... වසර ගාණක් ඉඩම් භූක්ති විඳීමෙන් පසු එය ඔවුන්ට අයත් විය යුතුවේ. දැනට මෙම ඉඩම් විකිණීමට හෝ උකස් කිරීමට නොහැකි නිසා එහි වටිනාකම සියයට 50 කින් පමණ අඩුවේ.
මෙය දේශපාලන වාසිතකා කරන ඉතා අනුවණ අදූරදර්ශී ක්‍රියාවක්. තව වසර 10ක්, 15 ක් යනවිට මේ ඉඩම් සියල්ල මුදලාලිලාට විකිණී ගොවිබිම් අහිමි ගොවි පරම්පරාවක් බිහිවනු ඇත. එය මහා සමාජ ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇත.
ජයභූමී-ස්වර්ණභූමි ඒවත් උරුමය දුන්නා නම් හොඳයි. පරම්පරා දෙක තුනක් එකම ඉඩමේ හිරවෙලා ඉන්නවා අයිතියක් නෑ...!
ඉඩමක් මරු කරන්න ක්‍රමයක් නෑද්ද ඉඩම තියෙන්නේ කොත්මලේ මොනරාගල මට දිගන අලුත් වත්තේ ඉඩම් තියෙනවා
මහාවැලි ඉඩම් ප්‍රසන්න ඉක්මනින් අයිතිය. ලාබාල .දිම් ඉතාමත් වැදගත්. මා වසර තිස්පහාක් 35 පදිංචි ඉඩම රජයෙ තක්සෙරු මුදලට.ලාබා ගැනිමට ලිපි හුවමාරු වුනා තාම ඉඩම් ගැටලුවට විසඳුමක් නොමැත ඉඩමෙ ප්‍රමාණය පචස් 10 ක් ඉක්මනින් .බුරුමය වැඩසටහන ක්‍රියාත්මක. කරන්න.