IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහවිරු සැමරු ප්‍රචාරය කළ 4 ක් අත්අඩංගුවට ගනී

(යොහාන් භාසුර)

එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් ප්‍රචාරය කරමින් මහජනයා නොසන්කිරීමේ චෝදනාවට පුද්ගලයන් සිවුදෙනෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ යාපනය ඒකකය අද (1) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදීන් සහ ජනතාව සිහිකරමින් උතුරු පළාතේ පැවැති උත්සව මෙම පුද්ගලයන් ප්‍රචාරය කර ඇති බව පොලිසිය කීය.

මරදාන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි, බද්දේගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිදිරි පුද්ගලයන් හතරක් මෙහිදී අත්අඩංගුවට ගත් බවත් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම ඔවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව බව පොලිසිය පවසයි.

බොරලැස්ගමුව, මරදාන සහ බද්දේගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බන්ධනාගරගත කර ඇති බවත් චුන්නාකම්හිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා යාපනය අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

මහවිරු සැමරු ප්‍රචාරය කළ 4 ක් අත්අඩංගුවට ගනී

pj Monday, 02 December 2024 02:30 AM

අපිට සත්‍ය ප්‍රචාරය කිරිම තහනම් ද? මාළිමාවට ඕනෑම කෙප්පයක් ඇද බාන්න පුළුවන්? ඉස්සර ජවිපෙ ඇතුලේ හිටියෙ නම් මිනුෂ්‍ය ඝාතන වලටයි.

:       2       4

Gihan Monday, 02 December 2024 09:54 AM

හිනාත් යනවා. සමරපු කට්ටිය කමක් නැද්ද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site