
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාධ්‍යවේදීන්ට නගරසභා රැස්විම අද තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මන්ත්‍රී කණ්ඩායමක් ඊට විරෝධය දැක්වීමත් සමග මාසික සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයාට විරෝධය පළ කළහ.
මහරගම නගර සභාවේ පොදු අරමුදලින් රුපියල් ලක්ෂ විස්සක් වැය කොට වාහනයක් මිලදී ගැනීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අද පැවති මාසික මහ සභා රැස්වීමේදී සාකච්ඡා වීමට නියමිතව තිබූ බැවින් එය මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වළක්වාලීමේ අරමුණින් මහා සභා රැස්වීමට මාධ්‍යවේදීන් නොකැඳවීමට සභාපතිවරයා පියවර ගෙන ඇතැයි නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා පැවසීය.
මාසික සභා රැස්වීමට ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීනට අවසර නොදීම සම්බන්ධයෙන් නගර සභා ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා ආරක්ෂක අංශයෙන් විමසුවද ඔවුන් පවසා සිටියේ මාධ්‍යවේදීන්ට නගර සභා පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලෙසට තමන්ට උපදෙස් ලැබී ඇති බවයි .එහෙත් ඒ සඳහා හේතුවක් තමන් වෙත දන්වා නොමැති බවද ආරක්ෂක අංශය වැඩිදුරටත් කීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ආයතන, වාහන මිලට ගැනීමේදී පළාත් පාලන කොමසාරිස්ගේ අවසරය ගතයුතු වෙනවා. එහෙම අවසර දී ඇත්නම් ප්‍රශ්නය කුමක්ද? අවසර ලබාගෙන නැත්නම් වැරැදියි..
රජයේ ආයතනයක් තුළට ආයතන ප්‍රධානීන්ගේ අවසරය හෝ ආරාධනා කිරීම අවශ්‍ය වන්නේ නැද්ද? ඕක වහලා ගහපු ගේම් එකක්... ආයතන ප්‍රධානීන්ට බලය තිබෙනවා කඩකප්පල්කාරීව සාමය කඩවන හැසිරීම් වලදී එම අයවලුන් ආයතනය තුළට ගැනීමට නොහැකිලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් දීමට...!
මහරගම නගරසභාව සම්බන්ධයෙන් ඔබ ආයතනයේ වාර්තා කරු නගරාධිපති තුමාගේ වරප්‍රසාද සහ මාධ්‍ය නීති උල්ලංඝනය කර ඇත.මෙම වාර්තා කරු මුදල් අරගෙනද බොරු වාර්තාවල් දාන්නේ.මාධ්‍ය නීති කියලා දෙන්නද?ඔහේලා දන් නැද්ද රුවන් සේනාරත්න බාලවයස්කාර දියනියක් දූෂනය කරලා හිරේ හිටපු එකෙක් බව.ඔය නගර සභාවෙ දැන් කෑ ගහන එවුන් සුදනොද.පට්ට හොරු.ලැජ්ජයි මහත්තයෝ.මේ වාර්තාව දැම්මට වඩා හොඳයි වර්තා කරු අසූචි කෑවනම්.