
(අංජුල මහික වීරරත්න)
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
" ලස්සන දන්සැල " ලෙස නම් කොට තිබූ එම එහි රූපලාවන්‍ය සත්කාරක සේවා රූපලාවන්‍ය උපදේශන දානයක් ලෙස ප්‍රදානය කෙරිණි.
කාන්තා-පිරිමි දෙපිරිසටම මේ දන්සලේ දොරටු විවෘත විය.
කොණ්ඩා කැපීම, හිස සම්බාහනය, ඇහි බැමි සැකසීම, මුහුණු පිරිසිදු කිරීමේ සත්කාර, ඇස් වටා සම සැකසීම ආදී සත්කාරක සේවාවන් රැසක් හා රූපලාවන්‍ය, චර්ම විශ්ලේෂණය ඇතුළු උපදේශන සේවාවන් රැසක් මෙම දන්සලේදී නොමිලේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබිණි.
ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක අංශ නිලධාරිනී ශ්‍යාමලී ද සිල්වා මහත්මිය පැවසූයේ පන්දහසකට අධික පිරිසක් මෙම රූපලාවන්‍ය දන්සලෙන් සේවා ලබා ගත් බවයි.
වැඩිහිටි බාල මහලු සැවොම පවුල් පිටින් පැමිණ දන්සලේ සේවා ලබා ගත් බවද ඇය කීවාය. ජාතික තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය උපදේශක උපදේශිකාවන් වන ක්‍රිෂාන්ති විජේසිංහ, මධුප්‍රියා සෙනරත්, රසිකා කුමුදුනි, නිර්මලා දිසානායක, ආසිකා සඳමාලි, මදුෂිකා පියුමාලි, අජන්තා දසනායක, කමනී සාගරිකා, අකිලා මිනෝලි, ඉමාලී, සොනාලි ප්‍රනාන්දු, සමුධි අයෝද්‍යා මහත්ම මහත්මීහු ද ඔවුන්ගෙන් ඉගෙනුම ලබන අභ්‍යාසලාභීහු 160 දෙනෙක් පමණ ද මෙහි සම්පත් දායකත්වය දැක්වූහ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ලක්මාලි ගේ මූණ ටිකක් ප්‍රසන්න කරන්න
ආනී අපේ මහා සංස්කෘතික අංග වලට වෙනදේ!!!!!
ට්‍රේනිං වෙන ළමයි ප්‍රැක්ටිකල් එකට කට්ටිය හොයා ගත් විදිහ...