IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි

(අංජුල මහික වීරරත්න)

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.

" ලස්සන දන්සැල " ලෙස නම් කොට තිබූ එම එහි රූපලාවන්‍ය සත්කාරක සේවා රූපලාවන්‍ය උපදේශන දානයක් ලෙස ප්‍රදානය කෙරිණි.

කාන්තා-පිරිමි දෙපිරිසටම මේ දන්සලේ දොරටු විවෘත විය.

කොණ්ඩා කැපීම, හිස සම්බාහනය, ඇහි බැමි සැකසීම, මුහුණු පිරිසිදු කිරීමේ සත්කාර, ඇස් වටා සම සැකසීම ආදී සත්කාරක සේවාවන් රැසක් හා රූපලාවන්‍ය, චර්ම විශ්ලේෂණය ඇතුළු උපදේශන සේවාවන් රැසක් මෙම දන්සලේදී නොමිලේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබිණි.

ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක අංශ නිලධාරිනී ශ්‍යාමලී ද සිල්වා මහත්මිය පැවසූයේ පන්දහසකට අධික පිරිසක් මෙම රූපලාවන්‍ය දන්සලෙන් සේවා ලබා ගත් බවයි.

වැඩිහිටි බාල මහලු සැවොම පවුල් පිටින් පැමිණ දන්සලේ සේවා ලබා ගත් බවද ඇය කීවාය. ජාතික තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය උපදේශක උපදේශිකාවන් වන ක්‍රිෂාන්ති විජේසිංහ, මධුප්‍රියා සෙනරත්, රසිකා කුමුදුනි, නිර්මලා දිසානායක, ආසිකා සඳමාලි, මදුෂිකා පියුමාලි, අජන්තා දසනායක, කමනී සාගරිකා, අකිලා මිනෝලි, ඉමාලී, සොනාලි ප්‍රනාන්දු, සමුධි අයෝද්‍යා මහත්ම මහත්මීහු ද ඔවුන්ගෙන් ඉගෙනුම ලබන අභ්‍යාසලාභීහු 160 දෙනෙක් පමණ ද මෙහි සම්පත් දායකත්වය දැක්වූහ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්න මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.

 



අදහස් (3)

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි

Lal Wednesday, 14 May 2025 12:17 AM

අර ලක්මාලි ගේ මූණ ටිකක් ප්‍රසන්න කරන්න

:       1       2

කෞෂි Wednesday, 14 May 2025 07:21 AM

ආනී අපේ මහා සංස්කෘතික අංග වලට වෙනදේ!!!!!

:       1       5

අනා Wednesday, 14 May 2025 10:28 AM

ට්‍රේනිං වෙන ළමයි ප්‍රැක්ටිකල් එකට කට්ටිය හොයා ගත් විදිහ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31333 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13542 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site