(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
" අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු, අයි.එම්.එෆ් මර උගුලට එරෙහි වෙමු" යන මැයින් ජන අරගල සන්ධානය අත්පත්‍රිකා බෙදා දීමක් සඳහා මහරගම නගරයේ ඉදිකළ අට්ටාලයක් කඩා ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග අද දහවල් දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිවි උණුසුම් තත්ත්වයක් හට ගැනීනි.
රජය කරගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව අත්පත්‍රිකා බෙදා දී බැනරයකට අත්සන් තැබීමේ විරෝධතා වැඩසටහනක් මහරගම නගර මධ්‍යයේදී ජන අරගල සංධානයේ නියෝජිතයන් පිරිසක් අද සංවිධානය කර තිබූණි.
මෙම විරෝධතා වැඩසටහන අද දිනය පුරා පැවැත්වීම සඳහා හයිලේවල් මාර්ගයේ පදික වේදිකාව මත අට්ටාලයක් ඉදිකොට ඒ මත බැනරය තබා ජනතාවකින් අත්සන් ගැනීමට ද සූදානම් කොට තිබුණි.
එම අවස්ථාවේදී එක්වරම මහරගම පොලිසියේ නිලධාරීන් දහ දෙනකුගෙන් පමණ කණ්ඩායමක් විරෝධතාව පැවති ස්ථානයට කඩා වැදී අට්ටාලය කඩා බැනරය ඉරා දමා විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගැනීනි.
එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් සංවිධායකයන් පොලිසිය හා උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ගැණිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි දැන් තමයි නියම ජෙපි-පෙරටු සටන තියෙන්නේ
මොවුන් එලොවටත් නැති, මෙලොවටත් නැති කාලකණ්ණි. මේ අයට ජීවත් වෙන්න සල්ලි හම්බ වෙනවාද? හැමදාම මොකක් හරි කිය කිය උද්ඝෝෂණයක්. අපිට තියෙන වැඩ ටික කරගන්න දවසේ කාලය මදි...
මේවාට යන්නේ වැඩක්, පලක් නැති, රස්සාවක් නැති... හරි හමන් ආදායම් මාර්ගයක් නැති, පවුලක් නැති... මෙලෝ වැඩකට නැති සෙට් එකක්.. මම කියන්නේ මොන පක්ෂයෙන් ආවත් එච්චරයි...
මේ තමයි ඉස්සර ජෙප්පෝ... දැන් මොවුන්ව අලුත් ජෙප්පන්ට වහකදුරු... කාලය මැව් වෙනසක අරුමේ...!
කිසිම වැඩක් කරගන්න බැරි කාලකන්නියන්ට පුලුවන් එකම දේ උද්ඝෝෂණ කරන එක.. මේ අයව අවුස්සන පරාජිත දූෂිත දේශපාලුවොත් පිටිපස්සේ ඉන්නවා. රටට යහපතක් කරන්න දායක වෙයල්ලා, වටිනා කාලය නාස්ති නොකර...!