IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මහර සිද්ධිය ගැන සෙවීමට කමිටු හතරක්

(ඩයනා උදයංගනී)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද, මිය ගිය අය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන්නේ ද ආදිය තීරණය කරන්නේ එම කමිටුවල වාර්තා ලැබීමෙන් පසුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව, බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව, විෂ්‍ය භාර කැබිනට් අමාත්‍යවරයා වන අධිකරණ ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව හා ඊට පරිබාහිරව ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පත් කළ කමිටුව මෙම කමිටු හතර වන බව ද ගම්මන්පිල මහතා කීවේය.

අමාත්‍ය උදය ගම්මන්පිල  මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමට හේතු මොනවාද, ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ආදිය එම කමිටු මගින් සොයාබැලෙන බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ කොවිඞ් වසංගත තත්ත්වය සමඟ ඉතාලියේත් පසුගිය කාලයේ මෙවැනි සිද්ධියක් ඇතිවූ බවත්, බන්ධනාගාරයක මෙවැන්නක් වූ ලෝකයේ පළමු වතාව මෙය නොවන බවත්ය.

එසේ වුවත් එය නිදහසට කරුණක් යැයි නොකියන බව කී ඇමතිවරයා එම සිද්ධියේ වගකීම රජයක් ලෙස භාරගන්නා බව ද කීවේය.



අදහස් (12)

මහර සිද්ධිය ගැන සෙවීමට කමිටු හතරක්

Kamal Koyrala Tuesday, 01 December 2020 09:35 AM

කෙහෙළිය දන්නේ ඉතාලියේ..., ඕස්ට්‍රේලියාවේ තාප්පවලින් පැනීම පමනයි... ඒවා මේ කුමන්ත්‍රණකාරී වැඩවලට සම්බන්ධ කරගන්න එපා. ඉතාලියේ එහෙම නම් අපේ අයටත් ප්‍රසිද්ධියේ කළ හැකි දේවල් ගොඩයිනේ. එහෙනම් ඉතාලියේ විදිහට කරමු...

:       1       14

De Tuesday, 01 December 2020 09:51 AM

ඉතාලියේ විදිහට සියල්ල වෙනවා නම් කොච්චර හොඳයිද? නොදකින්...

:       1       16

rana Tuesday, 01 December 2020 09:52 AM

අද වෙනකොට කමිටුනම් අනන්ත අප්‍රමාණයක් පත් කර ඇති.... හැබැයි එකම යෝජනාවක් හෝ වෙනසක් වැඩි දියුණු කිරීමක් හෝ කරඇති බවක් නම් අසාවත් තිබේද? නිකම් ජනතා මුදල් නාස්තියක් පමණි.

:       1       14

Nihal Tuesday, 01 December 2020 10:26 AM

ඒ කමිටු නියාමනයට තව කමිටු පත් කළොත් නරකද?

:       1       9

සෙනවි Tuesday, 01 December 2020 10:33 AM

කොමිසමෙන් වැඩක් වේවිද? ඒ කොමිසමෙන් තීරණයක් ගන්න බැරිවුනොත් තවත් කොමිසමක් පත්කරාවි. මේව මුදල් නාස්ති කරන විහිලු වැඩ...

:       0       9

siri Tuesday, 01 December 2020 11:05 AM

"සිරකරුවෝත් මනුෂ්‍යෙයා්ය" කියලා මහර බිත්තියේ ලියලා නැද්ද?

:       0       8

MISHAL-MATARA Tuesday, 01 December 2020 12:18 PM

මහා බැංකු කොල්ලය සොයන්න පත්කළ කමිටු කොහෙද දන්නේ නෑ ඉන්නේ ...

:       0       3

Demuni Uduwara Tuesday, 01 December 2020 02:16 PM

ලෝකයාට විහිළු සපයන්න එපා...

:       0       7

WCA Tuesday, 01 December 2020 02:23 PM

දැන්මම මේක සාධාරණීකරණය කරලා ඉවරයි "කෝවිඞ් වසංගත තත්ත්වය සමඟ ඉතාලියේත් පසුගිය කාලයේ මෙවැනි සිද්ධියක් ඇතිවූ බවත්, බන්ධනාගාරයක මෙවැන්නක් වූ ලෝකයේ පළමු වතාව මෙය නොවන බවත්ය." කොමිසමට මොකද වුනේ කිය‍ලා හොයන්න දැන්ම තවත් එකක් දැම්මා නම් හොඳයි..

:       0       7

sampath Tuesday, 01 December 2020 05:17 PM

සිරකරුවන්ට ආරක්ෂාව තහවුරු කලයුතුයි.

:       0       3

Demuni Uduwara Tuesday, 01 December 2020 06:20 PM

ඔබේ කාලය හා ජනතාවගේ මුදල් නාස්ති නොකරන්න.

:       0       3

rata Perata Wednesday, 02 December 2020 07:30 AM

නන්දසේන ඇතුළු මේ රජය ෆේල්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site