(ඩයනා උදයංගනී)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද, මිය ගිය අය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන්නේ ද ආදිය තීරණය කරන්නේ එම කමිටුවල වාර්තා ලැබීමෙන් පසුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව, බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව, විෂ්‍ය භාර කැබිනට් අමාත්‍යවරයා වන අධිකරණ ඇමතිවරයා පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව හා ඊට පරිබාහිරව ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පත් කළ කමිටුව මෙම කමිටු හතර වන බව ද ගම්මන්පිල මහතා කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමට හේතු මොනවාද, ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ආදිය එම කමිටු මගින් සොයාබැලෙන බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ කොවිඞ් වසංගත තත්ත්වය සමඟ ඉතාලියේත් පසුගිය කාලයේ මෙවැනි සිද්ධියක් ඇතිවූ බවත්, බන්ධනාගාරයක මෙවැන්නක් වූ ලෝකයේ පළමු වතාව මෙය නොවන බවත්ය.
එසේ වුවත් එය නිදහසට කරුණක් යැයි නොකියන බව කී ඇමතිවරයා එම සිද්ධියේ වගකීම රජයක් ලෙස භාරගන්නා බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළිය දන්නේ ඉතාලියේ..., ඕස්ට්‍රේලියාවේ තාප්පවලින් පැනීම පමනයි... ඒවා මේ කුමන්ත්‍රණකාරී වැඩවලට සම්බන්ධ කරගන්න එපා. ඉතාලියේ එහෙම නම් අපේ අයටත් ප්‍රසිද්ධියේ කළ හැකි දේවල් ගොඩයිනේ. එහෙනම් ඉතාලියේ විදිහට කරමු...
ඉතාලියේ විදිහට සියල්ල වෙනවා නම් කොච්චර හොඳයිද? නොදකින්...
අද වෙනකොට කමිටුනම් අනන්ත අප්‍රමාණයක් පත් කර ඇති.... හැබැයි එකම යෝජනාවක් හෝ වෙනසක් වැඩි දියුණු කිරීමක් හෝ කරඇති බවක් නම් අසාවත් තිබේද? නිකම් ජනතා මුදල් නාස්තියක් පමණි.
ඒ කමිටු නියාමනයට තව කමිටු පත් කළොත් නරකද?
කොමිසමෙන් වැඩක් වේවිද? ඒ කොමිසමෙන් තීරණයක් ගන්න බැරිවුනොත් තවත් කොමිසමක් පත්කරාවි. මේව මුදල් නාස්ති කරන විහිලු වැඩ...
"සිරකරුවෝත් මනුෂ්‍යෙයා්ය" කියලා මහර බිත්තියේ ලියලා නැද්ද?
මහා බැංකු කොල්ලය සොයන්න පත්කළ කමිටු කොහෙද දන්නේ නෑ ඉන්නේ ...
ලෝකයාට විහිළු සපයන්න එපා...
දැන්මම මේක සාධාරණීකරණය කරලා ඉවරයි "කෝවිඞ් වසංගත තත්ත්වය සමඟ ඉතාලියේත් පසුගිය කාලයේ මෙවැනි සිද්ධියක් ඇතිවූ බවත්, බන්ධනාගාරයක මෙවැන්නක් වූ ලෝකයේ පළමු වතාව මෙය නොවන බවත්ය." කොමිසමට මොකද වුනේ කියලා හොයන්න දැන්ම තවත් එකක් දැම්මා නම් හොඳයි..
සිරකරුවන්ට ආරක්ෂාව තහවුරු කලයුතුයි.
ඔබේ කාලය හා ජනතාවගේ මුදල් නාස්ති නොකරන්න.
නන්දසේන ඇතුළු මේ රජය ෆේල්...