IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ටෝනි කරුණායක සහ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දැනට රාගම රෝහලට මළ සිරුරු 4 ක් රැගෙන ආ බවත්, මේ වන විට තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබේ. සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා පැවසීය.

අද රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබිණ. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ඊට අමතරව නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.

ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ඔවුන්ව තවමත් බන්ධනාගාරය ඇතුළට කැඳවා නැත.

රැඳවියන් පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන යාමට කළ උත්සාහයේ දී බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇතැයිද හෙතෙම කීය.

වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද, ඔවුන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටිති.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)


 



අදහස් (8)

මහර බන්ධනාගාරයේ මහ යුද්ධයක් - 4 ක් මරුට

raaju Sunday, 29 November 2020 01:51 PM

ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරිය ඉෂ්ඨවීම ගැන.. අපි හුඟක් සන්තෝෂ වෙමු. හිරගෙවල් වලින් පනින අයට වෙඩිතියන එක ලෝකයේ සාමාන්‍ය දෙයක්...

:       0       0

Bankeemoon Sunday, 29 November 2020 02:22 PM

මේක සරල නාට්‍යයක්... සත්‍ය වූ නාට්‍යය තවමත් පැමිණියේ නැත.

:       0       0

සෙනෙවිරත්න Sunday, 29 November 2020 02:53 PM

3% කරපු කුමන්ත්‍රණයක් වගේ...

:       0       0

isuru Sunday, 29 November 2020 06:05 PM

මෙය හොඳ ආරම්භයක් නොවේ. රටට ජාත්‍යන්තරේ කළු පැල්ලමක්...

:       0       0

jagath g Sunday, 29 November 2020 06:12 PM

මේක හොඳ පෙරහුරුවක් නොවේ රටට...

:       0       0

විජිත් Sunday, 29 November 2020 09:51 PM

මේ සිරකරුවන්ගේ උද්ඝෝෂණ අතරේම ආණ්ඩුවට අවශ්‍ය සිරගත වී සිටින තමන්ගේ හිත මිත්‍රයින් කිහිප දෙනෙක් හිරෙන් පන්න ගන්න ප්ලෑන් එකක් හදන්නත් පුළුවනි. මහින්දගේ කාලයේ නිදාගෙන හිටපු සිරකරුවන් 25 දෙනෙක් මරා දැම්මා. මරපු අලුගෝසුවන් කවුද කියා කවුරුත් දන්නවා. නීතිය රජකරන දියුණු රටක නම් මෙවැනි අවස්ථාවක් උද්ගතවූ වහාම අදාළ විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා. ඔවුන් පිළිගන්නවා තමන්ගේ නොහැකියාව. නමුත් අපේ රටවගේ ගෝත්‍රික පාලනයක් පවතින රටක එසේ වන්නේ කොහොමද? තමන්ගේ මිනිහාව ඝාතනය කළ ඝාතකයින්ගේ පක්ෂයක ඇමතිකම් දරන ගැහැණු සිටිද්දී...

:       0       0

නුවන් Monday, 30 November 2020 01:34 AM

වෛරස් වලට පැරදුණාට අපේ සර් යුද්ධයට නම් රුසියා. කොහොමත් හිරගෙවල් ඇතුලේ ගේම් සර්ට සිම්පල්. කවුද කියන්නේ සර් ෆේල් කියලා. සර් උඩින්ම පාස්...

:       0       0

Raveendra Monday, 30 November 2020 02:24 AM

"අහිංසක" රැඳවියන්ට බන්ධනාගාරයේ වහලයට කිසිඳු අවහිරයකින් තොරව නගින්න අවසර තිබේ නම් ප්‍රධාන දොරටුව කඩාගෙන එළියට යන්නත් අවසර තිබිය යුතුයිනේ. කෙසේ වෙතත් කුරාකුඹියෙකුටවත් කරදරයක් නොකරපු, නොකරන සත්ගුණවත් අහිංසකයන් කීපදෙනෙක් තම ජීවිතවලින් වන්දි ගෙව්වා. මෙම සිද්ධිය පසුපසින් සිටින පින්වතුන් කවුරුන්ද සොයා බලා ඒ අහිංසකයින්ට නැවත ප්‍රධාන දොරටුව කිසිදු අවහිරයකින් තොරව එළියට යන්න ඉඩ සලස්වාම වැලිගම් බලා යාමට මාර්ගය සෑදීම අදාළ අංශවල යුතුකමක් නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site