
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ටෝනි කරුණායක සහ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දැනට රාගම රෝහලට මළ සිරුරු 4 ක් රැගෙන ආ බවත්, මේ වන විට තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබේ. සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අද රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබිණ. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා මේ වනවිට යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ඊට අමතරව නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.
ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ඔවුන්ව තවමත් බන්ධනාගාරය ඇතුළට කැඳවා නැත.
රැඳවියන් පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන යාමට කළ උත්සාහයේ දී බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇතැයිද හෙතෙම කීය.
වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද, ඔවුන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටිති.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරිය ඉෂ්ඨවීම ගැන.. අපි හුඟක් සන්තෝෂ වෙමු. හිරගෙවල් වලින් පනින අයට වෙඩිතියන එක ලෝකයේ සාමාන්‍ය දෙයක්...
මේක සරල නාට්‍යයක්... සත්‍ය වූ නාට්‍යය තවමත් පැමිණියේ නැත.
3% කරපු කුමන්ත්‍රණයක් වගේ...
මෙය හොඳ ආරම්භයක් නොවේ. රටට ජාත්‍යන්තරේ කළු පැල්ලමක්...
මේක හොඳ පෙරහුරුවක් නොවේ රටට...
මේ සිරකරුවන්ගේ උද්ඝෝෂණ අතරේම ආණ්ඩුවට අවශ්‍ය සිරගත වී සිටින තමන්ගේ හිත මිත්‍රයින් කිහිප දෙනෙක් හිරෙන් පන්න ගන්න ප්ලෑන් එකක් හදන්නත් පුළුවනි. මහින්දගේ කාලයේ නිදාගෙන හිටපු සිරකරුවන් 25 දෙනෙක් මරා දැම්මා. මරපු අලුගෝසුවන් කවුද කියා කවුරුත් දන්නවා. නීතිය රජකරන දියුණු රටක නම් මෙවැනි අවස්ථාවක් උද්ගතවූ වහාම අදාළ විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා. ඔවුන් පිළිගන්නවා තමන්ගේ නොහැකියාව. නමුත් අපේ රටවගේ ගෝත්‍රික පාලනයක් පවතින රටක එසේ වන්නේ කොහොමද? තමන්ගේ මිනිහාව ඝාතනය කළ ඝාතකයින්ගේ පක්ෂයක ඇමතිකම් දරන ගැහැණු සිටිද්දී...
වෛරස් වලට පැරදුණාට අපේ සර් යුද්ධයට නම් රුසියා. කොහොමත් හිරගෙවල් ඇතුලේ ගේම් සර්ට සිම්පල්. කවුද කියන්නේ සර් ෆේල් කියලා. සර් උඩින්ම පාස්...
"අහිංසක" රැඳවියන්ට බන්ධනාගාරයේ වහලයට කිසිඳු අවහිරයකින් තොරව නගින්න අවසර තිබේ නම් ප්‍රධාන දොරටුව කඩාගෙන එළියට යන්නත් අවසර තිබිය යුතුයිනේ. කෙසේ වෙතත් කුරාකුඹියෙකුටවත් කරදරයක් නොකරපු, නොකරන සත්ගුණවත් අහිංසකයන් කීපදෙනෙක් තම ජීවිතවලින් වන්දි ගෙව්වා. මෙම සිද්ධිය පසුපසින් සිටින පින්වතුන් කවුරුන්ද සොයා බලා ඒ අහිංසකයින්ට නැවත ප්‍රධාන දොරටුව කිසිදු අවහිරයකින් තොරව එළියට යන්න ඉඩ සලස්වාම වැලිගම් බලා යාමට මාර්ගය සෑදීම අදාළ අංශවල යුතුකමක් නොවේද?