(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරඟ කරන බවත් ඡන්ද ලකුණ සහ අනෙකුත් කාරණා පිළිබඳ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
මෙම පොදු සන්ධානය සඳහා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට විවෘත ආරාධනාවක් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එහි තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක තැනකට ගෙන එකම ලකුණක් යටතේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගත් රජයක් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් බිහිකරන බවත් වජිර අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෙන් අාවත් පරාදවෙනවා. මොකද මුල අමතකයි.
රටේ ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන්නට කලින් ඔබ පක්ෂ නායකයාට ප්රජාතන්ත්රවාදය උගන්නන්න සහ පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදය ඇති කරන්නකෝ...!!!
වෙනම ගමනක් ගියේ නැත්නම් දැනට සජිත් වටා සිටින පිරිස ඔහු අතහැර යාම වැළැක්විය නොහැකිය.. රනිල්ගේ උවමනාව මේ රජයට 2/3 ඉදිරි මැතිවරණයේදී ලබාගැනීමට උපකාර කිරීමයි.. මේ රජය දැනටමත් ශක්තිමත් වෙමින් පවතී. රජය ශක්තිමත් වීම රටක් දියුණුවට ඉතාමත් හොඳ කාරණයකි.. නමුත් ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් විපක්ෂයක් තිබුණේ නැත්නම් එය රට විනාශ වීමේ මාර්ගයකි.. මහින්ද මහතා ශ්‍රීලනිප පස්සෙන් නායකකම ඉල්ල ඉල්ලා පස්සෙන් ගියේ නැත. ඔහු කොන්ද කෙලින් තියාගෙන පොහොට්ටුව සාදා කෙටිකලකින් රාජ්‍ය බලය ලබා ගත්තා.. සජිත්ගේ කොන්ද ශක්තිමත් බව පෙන්වීමට මෙය මහඟු අවස්ථාවකි..
එජාපය විනාශ කරනවනේ.... කට ඇරියොත් තවත් ඡන්ද අඩුවන එක නම් සිකුරුයි...
මොකෙන් ආවත් ඔයාලට ඉන්නේ රට විදෙස් රටවලට ඕනෑ විදියට පාලනය කරවන්න කැමති පිරිසක් සහ හකීම් බදුර්දීන් සම්බන්ධන් වගේ කට්ටියනේ. මේ සැරෙත් ඒ නිසා කොහොමත් පරාදයි...
"ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවෙන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්"? එහෙම කට්ටියක් ඉන්නවද? අපට නම් පේන්නේ කුලල් කාගන්නා බලලෝභීන් කීපදෙනෙකුයි, ඒ එක එක්කෙනා පස්සේ වැටිලා ඉන්න පුද්ගලයින් කොට්ටාශයකුයි විතරයි.
ඇතුළේ ප්‍රශ්න විසඳගෙන ඡන්දෙට වරෙල්ලා. නැත්නම් ඉතින් යන්න වෙයි හතර ගාතෙන්, දැනගනිල්ලා.
ඔය පෙරමුණේ එන්නේ රට කන බලවේග තමයි...
අපි දන්නවා ඔය පෙරමුණ ගැන... TNA එකයි බදුර්දීන්ගේ අයයි ඉන්නවා නේද?
එජාපයේ ඔක්කොම පරණ අයව අයින්කළ යුතුයි. ඔබත් ඇතුළුව..!!!
තනියෙන් ඇවිත් දිනන්න බැරිද? ඉස්සර 1965 හත් හවුල ඇරුණාම අනිත් හැමදාම යූ.එන්.පී එක තනියෙන් දිනුවේ. මදැයි එහෙම තිබුණු පක්ෂයකට ගිය කලක්...
ඔබ වැනි දෙපිටකාට්ටුවන්ට මනාප නැත. ජනතාවගේ මනාපෙන් ඔබට පාර්ලිමේන්තු යන්න බැහැ.
ප්රජාතන්ත්රවාදයක් නොමැති පක්ෂ නායකත්වය කිසිලෙසකින්වත් වෙනස් කළ නොහැකිතාක් පොදු ජන මනස ඔබ වෙත නොබැඳේ. රනිල් මහතා ඉන්නතාක් එජාපෙ පරදිනවා.
මොන පොරොන්දුවක් හරි දීලා TNA ළඟ තියාගන්න .. නැත්නම් සොරි ඩොට්කොම් තමයි... සජිත්ගේ කතා එළියට දාන්නේ නැත්නම් හොඳයි..
අනේ අපි නම් නෑ. දැන්මම කිවා ඔන්න. සන්ධාන දැන් ඇතිවෙලා තියෙන්නේ. 2015 ට පස්සේ අපි නැහැ ඕවාට.
මොන මගුලෙන් ආවත් අපි එජාපෙට ඡන්ද දෙන්නේ නැත.