(සුජිත් හේවාජුලිගේ )
ජනතාව ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කිරීම හෙයින් මහමැතිවරණය සමග ජනමත විචාරණය එකට පැවැත්වීමෙන් ඒ අරමුණු දෙකම ඉටු කර ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ජනාධිපතිවරයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නේ යැයි පැවසුවත් දැන් කිරීමට උත්සාහ දරන්නේ විධායක බලය තවත් ශක්තිමත් කිරීම බවද හෙතෙම සඳහන් කළේය.
දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ජනාධිපතිවරයා පසුගිය මැයි මස එකොළොස් වැනිදා ජාතිය අමතමින් පොරොන්දුවක් ලබා දුන්නද දැන් ක්‍රියාත්මක කිරීමට හදන්නේ වෙනත් දෙයක් බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමැතිවරණය සහ ජනමත විචාරණය දෙකම එකට පවත්වන්නේ නම් විපක්ෂයේ ඔබලාට සහ ඔබලාගේ නායකයට ගෑස්, ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව වෙත ගොස් ඡන්දය ලබාදෙන්නට කියා ඉල්ලා සිටිය හැකිද...?
තම ඡන්ද වාසියම බලාගෙන අවුරුදු අසූවක්ම විදේශිකයට රට ණයකරපු එක උඩරට උත්තමයෙක්..!!
මේ වෙලාවේ මොන ජනමත විචාරණද හලෝ? පිස්සු කෙලින්නේ නැතුව ඉන්න. ජනතාව කියන්නේ ජෙප්පන් 3 දෙනා ඇතුළුව 225 ම එපා කියලා. අනික් අය නරක වෙලා ඔහෙලා හොඳ වෙන්නේ කොහොමද? රට මේ අගාධයට වැටීමට ඔහෙලාත් වග කිවයුතුයි. බැසිල්ව පන්නා ගන්න සපෝට් එක දුන්නොත් ඒ ඇති...!
මෙයාට පිස්සු. මහජනතාව, 18, 19,20 ඉල්ලුවෙත් නැත. 21 ඉල්ලුවෙත් නැත, චන්දයක් ඉල්ලුවෙත් නැත .අවශ්‍යව ඇත්තෙ ගැස් ඉන්දන, අත්‍යාවශ්‍යය ආහාර සහ බෙහෙත් වර්ග
රටෙ ජනතාව කියන්නෙ ගොල්ෆෙස් එකෙ දන්සල් කන උරුලැවන් ටිකද ?
අපේ රටට ජනාධිපතිවරණයක් අවශ්‍යයි...
ඔය කුණු කටවල් දැන්වත් වහගෙන රටේ ආර්ථිකය නංවන්න ඉදිරිපත් වී සිටින අයට දුක් විඳින ජනතාව වෙනුවෙන් කැපවීමෙන් කරන කාර්යය කරගෙන යන්න ඉඩ දෙන්න. දුක් විඳින ජනතාවට යම් සහනයක් ලැබුණු පසු තනියෙන් බැරි නම් ගෝටත් එකතු කරගෙනම යන ගමනක් යන්න.
මෙයා බොරැ කියන්නෙ...මිනිස්සුන්ට ඕනැ මේව නෙවෙයි තෙල් ටිකයි ගෑස් ටිකයි බඩුමිල අඩු කරන එකයි....මෙයාල කරේ එයාලට වාසි විදිහට ජනතාව රවටපු එක..තවමත් කරන්නෙ ඒක තමයි...හැමදාම මිනිස්සුන්ව රවටිටන්න බැහැ කියල කියල මෙයාල හිතන්නෙ නැහැ....