(බිඟුන් මේනක ගමගේ)
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දේශපාලන භේදයකින් තොරව එක්සත්ව අවශ්‍ය සහාය දීමට සමගි ජනබලවේගය සූදානම් යැයි ද මහමැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන තීරණය ගතයුත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව යැයි ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (13) කීය.
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උද්ගතව ඇති තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවන හැටියට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ඒ අනුව යැයි ද වික්‍රමරත්න මහතා කීය.
පවතින සමාජ හා දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.
''පෙබරවාරි 5 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වැනි වතාවට මේ ගැන සාකච්ඡා කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමායි. වෙන කවුරුවත් මේ ගැන සාකච්ඡා කළේ නෑ. වෛද්‍යවරුන් සෞඛ්‍ය අංශ ඇතුලු සියලු නිලධාරින් මෙහිදී කරන කැපකිරීම ගැන අප ප්‍රශංසා කළ යුතුයි. ඒ වගේම වයිරසය පැතිරීම වැලැක්වීමට ඇති සියලුම ආරක්ෂක පිළිවෙත් අප සියලු දෙනාම අනුගමනය කළ යුතුයි. අපට මේක පාලනය කළ හැකිය යන විශ්වාසය තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා තමයි මෙවැනි තත්ත්වයක මැතිවරණය පැවැත්විය හැකිද යන ප්‍රශ්නය නගා තිබුණේ. එනිසා මෙහි කිසිදු දේශපාලන පසුබිමක් නෑ.''
'' අපි සම්පූර්ණයෙන්ම රජයට මෙහිදී සහයෝගය ලබාදෙනවා. මහමැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීමේ තීරණය දේශපාලන මට්ටමට එන්නට පෙර සෞඛ්‍ය නිලධාරින් තීරණය කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය යම් නිවේදනයක් කර තිබුණත් ඒ ඒ රටවල දේශගුණය හා විද්‍යාත්මක කරුණු අනුවයි බලන්න වෙන්නේ. එනිසා එවැන්නක් ගැන සාකච්ඡා කළයුතුවන්නේ වසංගත රෝග විද්‍යාඥයන්ගේ නිර්දේශ අනුවයි. ''
2025 දෙසැම්බර් මස 04
629
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහමැතිවරණය ගැන නිර්දේශ කිරීම සෞඛ්‍ය අංශවල වගකීමක්