(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප්රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප්රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය දියයුතු බවට වන යෝජනාවද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ සතියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුනුවරක් හඳුන්වාදීමට පත්කළ ප්රතිසංවිධාන කමිටුව සඳහා හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම සහ ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබූ අතර, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහු ඉන් ඉවත්වන බව පසුව නිවේදනය කළහ.
පක්ෂයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ අදහස් ගෙන පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ආසනේ පැරදුනාම පාර්ලිමේන්තුවටවත් එන්න බැහැ. ඉතින් මොන අගමැතිකමක්ද ?
ඔට්ටුයි තමන්ගේ ආසනේ පරදිනවා.
ඊ ළඟ කෑමත් සුපිරි සිංහල හෝටලයකින් කන්න දඟලනවා. සුළුතර ජාතීන්ගෙන් අගමැති වෙන්න මේ සැරේ නම් බෑ පුතාණෝ. මේ වුණු වෙනසට ගම්වල ඉන්න ගොඩක් යූ.එන්.පී කට්ටියත් කැමතියි. අපේ ගෙදරින් පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ 2. මේ සැරේ අපේ පවුලේ කවුරුත් යූ.එන්.පී එකට දෙන්නේ නෑ. ඒ කියන්නෙ ඡන්ද 7ක් ගිය පාර යූ.එන්.පී. මේ සැරේ ඒ සේරම ගෝඨාභය මහත්තගේ සහයට එන කෙනාට...
මෙයා නායකයා වුණා නම් හම්බවෙන ඡන්දත් නැති වෙනවා...
කොහොමත් දැන් තියෙන වාතාවරණයත් එක්ක එජාපය අන්ත පරාජයට ලක්වෙනවා. ඒක බොරුයි කියන්න කාටවත්ම බැහැ. එජාප ඩබල් ගේම් එක ජනතාවට බොහොම පැහැදිලි වුණා. පහුගිය ආණ්ඩු කාලයේ නීතියේ පැත්තෙන් මිනිසුන් බලාපොරොත්තු වූ සාධාරණය ඉෂ්ඨ වුනේ නැහැ.
උණබම්බු ගිල්ලාය කියලා කොන්ද කෙලින් වෙන්නේ නැහැ. අනික බලු නගුට උණ පුරුකේ දැම්මත් කෙලින් කරන්න බැහැ.. මිනිසුන් කීව දේට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනේ... ක්‍රිකට් ක්‍රීඩාවේදී වුවත් පසුපස පාදයේ ඉඳන් කරන පිතිහරඹය වඩාත් උත්කෘෂ්ටයි. ඉදිරියට ගිහිල්ලා හැම තිස්සෙම පන්දුවට පහර දෙන්න ගියාම ඉක්මණටම දැවීයනවා...
මෙයාත් රනිල්ගේම දෙක. ඡන්දේ ඉවර වෙලා මාසයක් ගිහින් ඉන්නවද නැද්ද දන්නේ නෑ.
ඒ කියන්නේ විනෝද සමය අවසාන කොටස ළගදීම කියන එක.
තමන්ගේ ආසනේ පරාද වෙලා තවත් තම දවල් හීන දකිනවා, දැන් අගමැති වෙනවාමද?
මේ පාරත් ඉල්ලාගෙනම කාලා, ඉවර වෙලා අායෙත් නම් එන්න එපා. ඔබතුමා ඉවසන්න පුරුදුවෙන්න. ඇත්ත කතාකරන්න පුරුදුවෙන්න. යහපාලන ආණ්ඩුවෙන් කළ කිසිමදෙයක් ජනාධිපතිවරණයේදී කතා කළාද? මෙදාපාර මොනවද කියන්නේ...? ලංකාවේ දුප්පතුන් නැහැ. ගෙවල් දුන්නට හම්බ වුණාද ඡන්දේ පව්...
සජිත් කවදාවත් මේ රටේ අගමැතිවත්, ජනාධිපතිවත් වෙන්නේ නැහැ. නායකත්වය කියන කිසිම දෙයක් මොහු ළඟ නැහැ. දන්නේ කටින් බතල හිටුවන්න තමයි.. කොහොමත් තව අඩුතරමින් වසර 20ක්වත් ඉවසලා ඉන්න වෙනවා.
ලිච්චවී ක්‍රමයට බෙල්ල මුලින්ම කපල දාන්න යන්නේ? මොකද කියන්නේ? නිලමෙලා ඉස්සරහින් තියාගෙන මේවතාවෙත් කොට අදිනවද? නැතිද?
ඒජාපය නැත්තටම නැතිවෙලා යනවා සජිත්ට අගමැති අපේක්ෂකකම දුන්නොත්...... මෙයාව තෝරපු කට්ටියට මොළය බිදක්වත් නැද්ද? මුලින්ම ආසනය දිනාගෙන එන්න කියන්න. ඒයා ඒක්ක ඉන්න හොරු රළට ඕන විදියට වැඩ කරන්න එපා.
මේකත් ගුණ්ඩුවක්.. මේ සැරේත් පරදිනවා ෂුවර්.. ඊට පස්සේ දොට්ට. කව්රු අගමැති අපේක්ෂකකම දුන්නත් මෙයාව අගමැති කරන්න ඕනේ ජනතාව. ජනතාව එය කරයිද?
කලින් රට පාලනය වුනේ ලෙච්චමී ක්‍රමයට.