
(කේ බුද්ධික කුමාරසිරි)
හෝකන්දර හොරහේන ප්‍රදේශයේ තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් එක් අයෙකු අද (16) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි
හොරහේන ප්‍රදේශයේ මාර්ගයක් අසල තරුණයෙකු වැටී සිටි බව පවසමින් ත්‍රී රෝද රථයකින් පුද්ගලයින් දෙදෙනෙකු විසින් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශිය රෝහලට රැගෙන ආ තරුණයෙකු මියගොස් සිටි බවට අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කරන තිබුණි.
මියගොස් සිටි තරුණයා පහර කෑමටකට ලක්ව ඝාතනයට ලක්ව ඇති බවට ලද සාක්ෂි මත එහිදී පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර හොරහේන පදිංචිකරුවකු වන ප්‍රභාත් සංදීප නොහොත් පොඩ්ඩා නමැති 26 හැවිරිදි තරුණයෙකි.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd