
( පද්මසිරි ගාර්දියවසම් , අමිල සම්පත් ශ්‍රී සහ ගයාන් සූරියආරචිචි )
සූරියැවැව කෙලින්කන්ද මහවනය මැදදී පොලිස් විශේෂ කාර්යය බළකාය සහ වාඩියක සිටි පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි මියගොස් ඇත්තේ හිටපු යුද හමුදා සෙබෙලෙක් බව තහවුරුවී ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අම්බලගේ නුවන් ලක්ෂිත නමැති අයෙකි.
ඔහු මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමියෙකු ඝාතනය සම්බන්ධයෙන් හා තවත් මිනිස් ඝාතන දෙකකට සම්බන්ධව අවශ්‍යව සිටි අයෙක් බවද පොලීසිය කියයි.
මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු ප්‍රතිකාර සදහා සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ .


( ඡායාරූප -අමිල සම්පත් ශ්‍රී)
සූරියකන්ද මහ කැලෑවේ ගැටුමක්?
(පී.ගාර්දියවසම්)
සූරියැවැව කෙලින්කන්ද මහවනය මැද වාඩියක කිසියම් අපාරධකුවක් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ගිය පොලිස් විශේෂ කාර්යය බළකාය සහ එම වාඩියේ සිටි පිරිස අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි පාතාල සාමාජිකයකු මියගොස් ඇතැයි තහවුරු නොවූ වාර්තා සඳහන් කරයි.
මියගියේ කවුරුන්ද යන්න තවම තහවුරු වි නැතැයි වාර්තාවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයෝ මැරෙනවා නම් ඒ ඇති. කවුද මැරුවේ? කොහොමද මැරුනේ කියලා අපිට වැඩක් නැහැ. ඔවුන්ව මරා දමනවා නම් ඒ හොඳටම ඇති. ජයවේවා...!
පාතාලයේ අය මැරුවාට කමක් නැ. ඔවුන් මිනීමරලා, තවත් මිනී මරන්න ඉස්සෙල්ලා ඉවර කරලා දාන එක හොඳයි.