
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහපොළ භාරකාර අරමුදලේ අභ්‍යන්තර විගණක තනතුර පිරවීමට මීට පෙර පැවති ආණ්ඩුවේ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන් පැහැර හැර අැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී(කෝප්) තොරතුරු අනාවරණය විය.
හිටපු ඇමතිවරයාගේ පෙළඹවීම සහ බලපෑම අනුව වැඩබලන විගණන නිලධාරියෙකු දිගින් දිගටම රඳවා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යංශ නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
මහපොළ භාරකාර අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පැවසුවේ මෙතන සිටින එකම විධායක නිලධාරියා තමා පමණක් බවයි.
සේවක මණ්ඩලයක් සිටිනවා යැයි තමා බලාපොරොත්තු වුවත් ඒ ස්ථානයේ අධ්‍යක්ෂවරයකු ගණකාධිකාරිවරයෙකු විගණකවරයෙකු තාක්ෂණක නිලධාරියෙකු පවා නැති බවද ඔහු කීවේය
මෙහිදී අදහස් දැක්වූ මහා පොළ භාරකාර අරමුදලේ හිටපු අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පැවසුවේ හිටපු අමාත්‍යවරයාට වෙළඳ අමාත්‍යාංශය එම වසර දෙකේදී කිසිදු සහයෝගයක් නොදැක්වූ බවයි.
2022 දී මේ අය පත්වන විට තමා ඉවත් කිරීමට උත්සාහ කළ බවත් ඔවුන් එසේ කටයුතු කළේ ඇමතිවරයාට හිතූ සේ වැඩ කිරීමට ඉඩ නොලැබෙන නිසා බවත් හෙතෙම සඳහන් කළේය.
එම නිසා තමාගේ තනතුර නතර කළ බවත් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ අවස්ථාවේදී එය පාවිච්චි නොකරන ලෙස දැනුම් දුන් බවත් හෙතෙම කීය.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහපොළ භාරකාර අරමුදලට හිටපු ඇමැති බලපෑම් කරලා