
මහනුවරදී අද අලුයම සිදු වූ යතුරු පැදි බස් රථ අනතුරින් තුවා ලබා රෝහල් ගතව සිටි අනෙක් සිසුවා ද අද සවස මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි.
මහනුවර ප්‍රධාන පෙළේ පාසල් දෙකක් වන මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ විදුහල් අතර පැවැත්වීමට නියමිත ‘‘හුරතලුන්ගේ සටනට‘‘ ක්‍රිකට් තරගයට සහභාගි වීම සඳහා යතුරු පැදියකින් ගමන් ගත් සිසුන් දෙදෙනකු පෞද්ගලික බසයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරු පැදිය පැදවූ සිසුවා එම ස්ථානයේදී මිය ගියේය.
අනතුරින් මියගොස් ඇත්තේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 13 වසරේ ඉගෙනුම ලැබූ නෙතුල නම්දිනූ සහ සජීව කරුණාරත්න නමැති උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ සිසුවන් දෙදෙනෙකි.
යතුරු පැදියේ පිටුපස ගමන් ගත් අනෙක් සිසුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර ඔහු ද අද සවස මිය ගියේය.
(ජේ ඒ එල් ජයසිංහ , ෂේන් සෙනෙවිරත්න, චන්දන උඩුවාවල සහ මොහොමඩ් ආසික්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යුද්ධය නිමා වුණත් යතුරුපැදි අනතුරුවලින් තරුණයෝ මියයාම අඩුවක් වුනේ නැහැ වගේ නේද මේ විනාශයට නොපමාවම පියවරක් නොගතහොත් අනාගතයට පරපුරක් නැතිවේවි කියලා හිතෙනවා.
කඩේකින් “බීඩියක්” ගන්නවා වගේ රියදුරු බලපත් ගන්න පුළුවන් රටක මේ වගේ අනතුරු සිදුවීම පුදුමයක් නෙවෙයි. අපරාදේ අහිංසක තරුණ ජීවිත… සසර සරණාතුරා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා! නිවන් සුව පතමි..!
කණගාටුදායක සිදුවීමක්. ඒත් අද මහ පාරේ යන යතුරුපැදිකරුවන් නම් කිසි විටක අවස්ථානුකූලව වාහනය පරෙස්සමෙන් හසුරුවන්නේ නැහැ. කුමණ අයුරින් හෝ නොනවත්වාම යෑම ඔවුන්ගේ අරමුණ. පසු පැදිකරුවෙක් සිටීමද වාහනය හැසිරවීමට බාධාවකි.
මේ වයසෙ ළමයින්ට යතුරු පැදි සඳහා බලපත්‍ර දෙනවද?
දෙමව්පියන් හෝ වැඩිහිටියන් අවවාද, අනුශාසනා කළත් ඒවට ඇහුන්කන් නොදෙන, කිසිම ඉවසීමක් හෝ හික්මීමක් නැති තරුණ පිරිස බොහෝ දෙනෙක් ජීවිතයේ හොඳම කාලය ආබාධිතයන් බවට පත්වෙනවා. එහෙමත් නැත්නම් ජීවිතයෙන් සමුගන්නවා. බොහෝම කෙදිනීය තත්ත්වයක්. මහා මාර්ගය තවදුරටත් ආරක්ෂිත නැතිනම් අපට ඉතින් වෙන්නේ ඉගිල්ලීලා යන්න තමයි.