IMG-LOGO

මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මට්ටමේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඇතුළත් වන බස් හා දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවන් සහ පෞද්ගලික වාහන නවතා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ පහසුකම් ඇතුළු සියලු පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් මහනුවර ස්ථාපිත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව වසර තුනක කාලයක් ඉදිකිරීම් ඇනහිට තිබීම හේතුවෙන් මහනුවර නගරයට පිවිසෙන විශාල පිරිසක් පීඩාවට පත්වවන බවත් එබැවින් මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතට පවරාගෙන ලබන වසර තුළ ලෝක බැංකු ආධාර යටතේ යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර්  කැඳවා ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම ටෙන්ඩරයේ කටයුතු දින 45 ක් තුළ අවසන් කර වසර තුනකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (1)

මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්

Kumar (Gulf) Tuesday, 04 October 2022 12:15 AM

තව හොඳ ගැහිල්ලකට සුදානම් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 639 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site