(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
තමාට මේ සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරයකු දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය ඇමැතිවරයාට පෞද්ගලිකවම දුරකතනයෙන් කතා කර ප්‍රශ්නය දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය හේතුවෙන් රේඩියම් ප්‍රතිකාර ඇතුළු බොහෝ කටයුතු නතරවී ඇතැයිද කිරිඇල්ල මහතා පැවසූවේය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ තමා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.
ඒ පිළිබඳව දැනුම්දී නොතිබූ බවද හෙතෙම සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා