
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගොඩනැගිල්ලක ආරක්ෂාවට යොදා තිබූ විශාල පැති බැම්මක් ඊට පහළින් පිහිටි තවත් පාසල් ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරක් සිදුව තිබේ.
එම විදුහලේ තට්ටු හයකින් පමණ යුත් ගොඩනැගිල්ලක ආරක්ෂාවට යොදා තිබූ විශාල පැතිබැම්ම ප්‍රාථමික අංශයේ පන්ති කාමර වලට එසේ කඩා වැටී ඇති බවත් එම ගොඩනැගිලිවල පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව එම විදුහලේ විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පැවසීය.
තවත් විශාල වර්ෂාවක් ඇද හැලුණහොත් තට්ටු හයකින් පමණ යුත් ගොඩනැගිල්ල දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බවද විදුහල්පතිවරයා පවසයි.
පවතින අවදානම් තත්ත්වය හමුවේ සඳුදා දින එම ගොඩනැගිලිවල අධ්‍යාපන කටයුතු සිදුකිරීම අවදානම් බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර බූවැලිකඩ පිහිටි ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගොඩනැගිල්ලක හෝ වෙනත් පාසලක ගොඩනැගිලි ඉදිකිරීමේදී වගකීම් සහිත සමාගම් වෙත ලබාදිය යුතුවේ. මෙම බැම්ම ඉදිකර ඇත්තේ දේශපාලන සම්බන්ධයක් සහිතව බව බැම්මට යොදා තිබෙන්නා වූ ගල්වලින්ම පැහැදිලි වේ. එම ගල්වර්ගය නම නොදන්නා නමුත් පොළවේ අතුරන ගල් වර්ගයකි... එම නිසා එම බැම්ම නැවත නිසි ප්‍රමිතියෙන් ගොඩනැගීමට සහ වියදම්වූ මුදල් නැවත පියවා ගැනීමට රජයෙන් කටයුතු කළයුතු වේ...
බොහෝම ඉස්සර කාලයේ මෙහෙම කවියක් කියනවා අහලා තියෙනවා පේරාදෙණියේ එකසිත් ඇති මහත්වරු පාලම හදන්නට ගත්තේ ගිනිකූරු ඒත් මදිව තව ගත්තේ උණ පතුරු පාළම තියෙයි. මේසන් ගෙදර යනතුරු කියලා (අධික ලාභයක් බලාගෙන ඉදිකිරීම් කරන ස්ථානයට නුසුදුසු ඉදිකිරීම් කළාම ඔහොම දේවල් වෙනවා. කොහොම ඉදිකළත් වගකීම් කාලය මාස හයනේ... ඒකනේ ඇප මුදල් මාස හයකින් ආපසු ගෙවීම් කරන්නේ දැන් ඉතින් ඔහොම දේවල් මේ සම්මත් ජාතියේ කරන්න අලුත් ආණ්ඩුව ඉඩක් නම් දේවි කියලා හිතන්න අමාරුයි...