IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහනුවර පාස්පෝට් කන්තෝරුවේ ගැටුම විසඳන්න පොලීසිය මැදිහත්වෙයි

( ෂේන් සෙනෙවිරත්න සහ ජේ ඒ ඒල් ජයසිංහ)

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන කාර්යාලයේ නිලධාරීන් සහ එහි විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාව අතර අද ( 28) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ඒ සඳහා නිසි ක්‍රමවේදයක් එහි බලධාරීන් විසින් සකස් කර නොතිබීම හේතුවෙන් එම නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව  තිබේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට සඳහා පැමිණ සිටි ජනතාව පවසා සිටියේ දිනකට ගමන් බලපත්‍ර 200 ක් නිකුත් කළත් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දෛනිකව දහසකට අධික පිරිසක් එහි පැමිණියත් ද ටෝකන්පත් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි .

පොලීසිය මැදිහත්ව නොසන්සුන්කාරී වාතාවරණය සමථයකට පත් කොට එහි බලධාරීන්ට දැඩිව පවසා ඇත්තේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයේ නිසි ක්‍රමවේදයක් ආයතනය තුළ සකස් කරන ලෙසයි .



අදහස් (1)

මහනුවර පාස්පෝට් කන්තෝරුවේ ගැටුම විසඳන්න පොලීසිය මැදිහත්වෙයි

Haramanis Friday, 01 March 2024 12:06 PM

ක්‍රමය හදන්න ඉස්සර ඉන්න අය එළෙව්වා නම් හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site