IMG-LOGO

මහනුවර පෙරහරට ආ කලාකරුවන් 45කට කොරෝනා

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .

හතරවැනි රන්දෝලි පෙරහර නිමාවීමත් සමඟ මෙම කලාකරුවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී මෙම ආසාදිතයන් පිරිස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් පෙරහැර මංගල්‍යයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබේ .

මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන් දෛනිකව ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබයි .

 



අදහස් (13)

මහනුවර පෙරහරට ආ කලාකරුවන් 45කට කොරෝනා

gagana Sunday, 22 August 2021 12:59 PM

දැන් රට වහන්න කියපු මහානායකයින් වහන්සේලා මොකද කියන්නේ? ලැජ්ජයි...

:       20       24

Jcn Sunday, 22 August 2021 01:02 PM

දළදා වහන්සේගේ ආශිර්වාදය නෙ මිනිස්සුන්ට ඕන කලේ.. ඔය ලැබුණෙ..

:       18       24

සෙනෙවිරත්න Sunday, 22 August 2021 01:18 PM

දළදා සමිදු පිහිටක් නැද්ද මේ අසරනයන්ට? වසරකට වරක් මුදලක් ලැබෙන අවස්ථාවත් අහිමි කරන්නෙ?

:       13       17

Ranjit Sunday, 22 August 2021 01:19 PM

මෙච්චර අවදානම් තත්වයක් තියෙද්දී පෙරහැර පවත්වන්නට හේතුව අර අනුරාධපුර පැත්තේ අතේ රතුනුල් ගැටගහන අමුතු ජාතියේ භූත විධ්යාඥයෙක් දුන්න අණක් කියලයි දැන් කතාවෙන්නේ. "පෙරහැර නොකලොත් වස් වදිනවා. රටේ බලවත්ම කෙනාට ඒ වස් වලට බිලිවෙන්න වෙනවා" කියලලු කීවේ. දැන් ඉතින් පෙරහැර කරන්න ගිහින් වසංගතයට බිලි උන අයට එයාගෙන්ම තමා බෙහෙත් ගන්න වෙන්නේ. අන්ධ භක්තියෙන් පෙලෙන මිනිස්සු බලයේ ඉන්නකල් මේ රට ගොඩගන්න එකනම් ලේසි වෙන එකක් නැහැ.

:       11       55

hemantha Sunday, 22 August 2021 01:50 PM

ඇන්ටිජන් පරීක්ෂාවෙන් පමණක් නිගමනයකට එන්න බැහැ.

:       5       9

Nihal Sunday, 22 August 2021 02:45 PM

මේ වෙලාවේ මොන පෙරහැරවල්ද? අපි ඉන්දියාවේ කට්ටියනේ...!

:       1       14

නිර්මාල් Sunday, 22 August 2021 03:00 PM

දළදා සමිඳු පිහිට ලැබී නැති අයද මේ එහෙනම්?

:       6       11

ධම්මික Sunday, 22 August 2021 03:06 PM

මොනවා වුණත් කොරෝනා නිසා මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සහ ඇදහීම්වල සත්‍යතාවයන්, අසත්‍යතාවයන් කෙමෙන් කෙමෙන් හෙළිදරව් වෙනවා.

:       2       28

pakeer Sunday, 22 August 2021 03:53 PM

යමෙක් පවක් කර ඇත්නම් එය ගෙවන්නම සිදුවේවි.. බුදුහාමුදුරුවන්ටවත් බෑ එ්ක නවත්වන්න.

:       0       2

mohomed agarapatana Sunday, 22 August 2021 06:41 PM

සිකුරාදා පල්ලිවහලා, කෝවිල්වල පූජා නතර කරලා, පල්ලි වහලා.... ඒත් පෙරහැර විතරක් යනවා... එකම රටක් නීති 2ක්.....

:       3       8

Demuni Uduwara Monday, 23 August 2021 03:12 AM

නීතියක් නැති රටක්!

:       0       1

Siri Monday, 23 August 2021 08:35 AM

ඔන්න පෙරහැර පොකුරත් ආවා. දැන් මොකද කියන්නේ සර්.

:       1       1

nilame Monday, 23 August 2021 08:42 AM

මෙම පෙරහැරවල් නිලමෙලයි කරන්නේ. හැමුදරුමුවරු නොවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 926 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site