(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .
හතරවැනි රන්දෝලි පෙරහර නිමාවීමත් සමඟ මෙම කලාකරුවන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කොට ඇති අතර එම අවස්ථාවේදී මෙම ආසාදිතයන් පිරිස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් පෙරහැර මංගල්‍යයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබේ .
මහනුවර ජාතික රෝහල සහ මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන් දෛනිකව ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරනු ලබයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට වහන්න කියපු මහානායකයින් වහන්සේලා මොකද කියන්නේ? ලැජ්ජයි...
දළදා වහන්සේගේ ආශිර්වාදය නෙ මිනිස්සුන්ට ඕන කලේ.. ඔය ලැබුණෙ..
දළදා සමිදු පිහිටක් නැද්ද මේ අසරනයන්ට? වසරකට වරක් මුදලක් ලැබෙන අවස්ථාවත් අහිමි කරන්නෙ?
මෙච්චර අවදානම් තත්වයක් තියෙද්දී පෙරහැර පවත්වන්නට හේතුව අර අනුරාධපුර පැත්තේ අතේ රතුනුල් ගැටගහන අමුතු ජාතියේ භූත විධ්යාඥයෙක් දුන්න අණක් කියලයි දැන් කතාවෙන්නේ. "පෙරහැර නොකලොත් වස් වදිනවා. රටේ බලවත්ම කෙනාට ඒ වස් වලට බිලිවෙන්න වෙනවා" කියලලු කීවේ. දැන් ඉතින් පෙරහැර කරන්න ගිහින් වසංගතයට බිලි උන අයට එයාගෙන්ම තමා බෙහෙත් ගන්න වෙන්නේ. අන්ධ භක්තියෙන් පෙලෙන මිනිස්සු බලයේ ඉන්නකල් මේ රට ගොඩගන්න එකනම් ලේසි වෙන එකක් නැහැ.
ඇන්ටිජන් පරීක්ෂාවෙන් පමණක් නිගමනයකට එන්න බැහැ.
මේ වෙලාවේ මොන පෙරහැරවල්ද? අපි ඉන්දියාවේ කට්ටියනේ...!
දළදා සමිඳු පිහිට ලැබී නැති අයද මේ එහෙනම්?
මොනවා වුණත් කොරෝනා නිසා මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සහ ඇදහීම්වල සත්‍යතාවයන්, අසත්‍යතාවයන් කෙමෙන් කෙමෙන් හෙළිදරව් වෙනවා.
යමෙක් පවක් කර ඇත්නම් එය ගෙවන්නම සිදුවේවි.. බුදුහාමුදුරුවන්ටවත් බෑ එ්ක නවත්වන්න.
සිකුරාදා පල්ලිවහලා, කෝවිල්වල පූජා නතර කරලා, පල්ලි වහලා.... ඒත් පෙරහැර විතරක් යනවා... එකම රටක් නීති 2ක්.....
ඔන්න පෙරහැර පොකුරත් ආවා. දැන් මොකද කියන්නේ සර්.
මෙම පෙරහැරවල් නිලමෙලයි කරන්නේ. හැමුදරුමුවරු නොවේ.