
(අංජුල මහික වීරරත්න)
යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අද දින විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබන ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බවද එහිදී ඔවුන් දහවලද, රාත්රියද, කාළගුණය යහපත්ද, අයහපත්ද, ජීවිත අවදානමක් තිබේද, නැද්ද යන්න නොසලකා රාජකාරිය වෙනුවෙන් බැඳී සිටි බවද, වගකීමට වග වී සිටි බවද අපට අද එවැනි රාජ්‍ය සේවයක් අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් විශිෂ්ට සේවා විභූෂණ නාමයෙන් හඳුන්වා දෙන ලද පළදනාවක් ලෙස සම්මත කරගත්, මෙම පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර එය ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් සහ යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධරයන් වෙත පමණක් ප්රදානය කෙරෙන පදක්කමකි.
ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 57 දෙනෙකු, ජනාධිපතිවරයා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබීය.
පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව පදක්කම්ලාභීන් සමග ජනාධිපතිවරයා සමූහ ඡායාරූපයකටද එක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd