(යොහාන් භාසුර)

කොළඹ කොටුව සිට මහනුවර බලා අද (11) 5.50 ට පිටත්වූ දුම්රිය මේ වන විට බුද්යොමුව සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පැයකට අධික කාලයක් නවතා තැබීමෙන් සති අන්තයේ නිවෙස් බලා යන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

පොල්ගහවෙළ දුම්රිය ස්ථාන ආසන්නයේ පෙරේදා සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානිය හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම මෙම ප්‍රමාදයට හේතුව දුම්රිය සේවකයෙක් පැවසීය.

මේ පිළිබඳ දැනගැනීමට දුම්රිය සමාන්‍යාධිකාරිවරයා සහ නියෝජ්‍ය සාමානාධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වූහ.