(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල තනිව සුවිසල් නිවසක පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ළඟම ඥාතියකු සහ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
එසේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 52 සහ 62 වයස්වල පසුවන කඩවත සහ දෙල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසන පොලිසිය එම කාන්තාව ඝාතනය කිරීම සඳහා යොදාගත් පිහිය සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ දෙල්ගොඩ නිවස පිටුපස කැලෑවට විසි කර තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි .
මෙම කාන්තාව ඇයගේ නිවස තුළදී ඉකුත් 14 වැනි දින දහවල් 2 ට පමණ ගෙල කපා සාහසික ලෙස ඝාතනය කොට තිබූ අතර අංශ කීහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන සිදුවෙමින් පවතිද්දී මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. එස්. බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව මීට අදාළ සැකකරුවන් දෙල්ගොඩ සහ කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවරට රැගෙන ඒමට නියමිතව තිබූ අතර සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේපොළ නිසි ලෙස දරුවන් අතර බෙදී නොයාම හේතුවෙන් ඇති වූ වෛරය හේතුවෙන් කාන්තාව ඝාතනය කළ බව එහි ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබේ . කාන්තාව ඝාතනය කිරීම සඳහා ඔහුම පැමිණ ඇති බවද පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායතී ශෝකෝ.
එතකොට මේක කරලා තියෙන්නෙ දරුවොද.එහෙනම් අම්මා දරුවන්ට දේපළ දෙන්න ඇත්තෙ ඇයට සලකපු හැටියට නේද පොතට සීමා වෙලා තියෙන නීති මොවුන්ට ක්‍රියාත්මක කරන්න