(නිමල කොඩිතුවක්කු)
 
මහනායක හිමිවරුන්ගෙන් සහ ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් පක්ෂ නායකත්වයේ එකඟතාවය මත යළි අමාත්‍යංශ බාරගැනීමට තීරණය කළ බව තැපැල් සේවා,  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ලංකාදීපයට පැවැසීය.
 
ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට යළි අමාත්‍යධුර ලබා ගැනීමට එකඟතාවය හිමි වූ බවද හලීම් මහතා කියාසිටියේය.
 
එමෙන්ම ආණ්ඩුවේ අමාත්‍යධුර දරමින් මුස්ලිම් ජනතාව මුහුණදෙන ගැටලූ වෙනුවෙන් හඬක් නැගීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.