(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ පරීක්‍ෂණ අවසන් වනතුරු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව රුපියල් ලක්‍ෂ 39ක් සාවද්‍ය පරිහරණය කළ බවට පවරා ඇති නඩුවේ විභාගය නවතා දමන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එසේ ඉල්ලා සිටියේය.
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39 ක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මෙන්ම විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකු හා ලේඛණ 8ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග‍්‍රසය යන වෘත්තීය සමිතියේ භාන්ඩාගාරික නාවලගේ ඩග්ලස් මහතා සාක්කි දුන් අතර වැඩිදුර විභාගය පැවැත්විණි.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු 10 වැනිදා තෙක් කල් තබන ලද අතර එදින මෙම නඩුව යළි කැඳවීමට ද නියම කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ කාංචන රත්වත්තේ, සාලික ගුණවර්ධන, අෆිස් ෆාරිස් සහ දිනේෂ් ලියනගේ සමඟ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ඉල්ලීමක්. ඒ මොකද, මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණවල ඇසෙමින් පවතින සියලුම අපරාධ නඩු පමණක් නොව සියලුම ඉඩම් නඩු, බුදල් නඩු, අල්ලස් නඩු ආදියද රන්ජන් විසින් බලපෑම් කරන ලද හෝ ඔහුගේ බලපෑම මත පොලිසිය හෝ සිවිල් වැසියන් විසින් පවරන ලද නඩුබවට අනුමාන කළ හැකි බැවිනි. හඬපටි නඩුව ක්‍රිස්තු වර්ෂ 2200 දී පමණ අවසන් වූ පසු සෙසු නඩු විභාගයට ගත හැකියි.
හඬපට හදන්න මෙයත් උදව් වෙලාද? නැතිනම් බය මොකද?
ලෝක පූජිත හොරවැඩ කරන මැතිඇමති කියාගන්නා දේශපාලුවන් නීතියේ හිල්වලින් පැනගනිද්දී බඩගින්නට පොල්ගෙඩිය, අඹගෙඩිය හොරකම් කරපු දුප්පතා ඇප නැතුව හිරගෙවල්වල ලගින කාලයක් මේක හාමුදුරුවනේ..!
අහෝ ගැලවුම්කරුවාණෙනි, ඔබ දුක්ගැත්තවුන් නඩු හබවලින් බේරමින් ඔවුන්ට පිහිටවෙමින් කරගන්නා වූ මේ කුසලානිශංසයෙන් ඔබේ නඩුවෙන් ඉක්මනට නිදහස් වීමට වාසනාව ලැබේවා...!!!