(මනෝප්‍රිය ගුණසේකර)
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊනියම කළේය.
2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවටම දඬුවම් දෙනකොට මහින්දානන්ද ජීවතුන් අතර ඉඳීද ?