(නිමන්ති රණසිංහ)
අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා අතර කාලයේ දී ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සඳහා අවශ්‍යව ඇති බැවින් තම සේවාදායකයාට පණවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණයේ මෙන්ම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු අමාත්‍ය සී බී රත්නායක සහ මිලාන් ජයතිලක යන අයවලුන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ රට යන්නද..? බයේ දුවපු මල්ලිව යන යන රටෙන් එලෙව්වා ආපහු ලංකාවට එනකල්ම. මෙයත් ඉතිං ආගම අදහගන්න අර මොකක්ද එක නාවන්න ඉන්දියාවට යන එකනේ කරන්නේ...? පුළුවන් නම් වීසා ඉල්ලලා බලන්නකෝ එංගලන්තෙට ඇමරිකාවට...
ගිරුවාපත්තුවේ කට්ටිය සරමේ පිහදාගත්තානම් හොඳයි කියලා හිතෙන්නේ දැන් තමයි.
අපේ ජනාධිපති තුමාට බොහෝම ස්තුතියි...!
ආපහු එන්න නොලැබේවා
පව් අප්පා...! පහුගිය දවස්වල රටට වැඩ කරලාම මහන්සි ඇති. ගිහින් කොරියාවේ නිවාඩුවක් ගත කරලා එන්න.
යන්න අවසර දුන්නාට අපේ අකැමැත්තක් නැහැ...! ආපහු එන්න අවසරයක් නොදුන්නා නම් තමයි අපිට සතුටු වෙන්න පුළුවන්...!
මෙරට දරු පරපුර වෙනුවෙන් මකබෑවිලාම යන්න...
බොරු කියලා උගන්ඩාව පැත්තේ ගිහිල්ලා සල්ලි ගැන හොයන්න වෙන්න ඇති...