
(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා ද අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කළේ ලබන 20 වැනිදා සිට 30 වැනිදා දක්වා අතර කාලයේදී තම සේවාදායකයාට විදෙස් ගත වීමට සදහා අවසර ලබා දෙන ලෙසය.
ඉරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 28 වැනිදා තෙක් කල් තැබීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.