
(සුජිත් හේවාජුලිගේ )
ත්රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇතැයි පොලිසිය පවසයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කළ බව ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ යටතේ නගරය පුරා යුද හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු වැරදි කරන්නට ඇත්නම් ඊට විරුද්ධයි. නමුත් ඔහුට එරෙහි කොටි ත්රස්තවාදීන්ද ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව ඉතා වැදගත් දෙයක්...
එයාට ආරක්ෂාව දෙන්න අපි තමයි බදු ගෙවන්න ඕනේ...
ඒ මොකද? එයා අරලිය ගහ මන්දිරයේ ඉන්න කාලේ, බස්වලින් ගෙන්න ගෙන, පොලු දීපු මැර හමුදාවම ගෙන්නගෙන ආරක්ෂා වෙන්න බැරිද? රටේ ජනතාව ආරක්ෂා කිරීමට, ජනතා බදුමුදලින් පඩි ගෙවන පවුල් රකින්න හමුදාව දාන්න ඕනෑද? ඒ අයට වෙන රාජකාරි නැද්ද? ‘‘මයිනා ගෝ හෝම්‘‘ කියපු නිසානේ රොත්ත පිටින්ම බිංකුණ්ඩෝ වගේ මහජනයාට නොපෙනෙන තැනකට හැංගෙන්න ගියේ..!
ගාලු මෝදරට ගෙනත් ඇරියා නම් කට්ටිය හොඳට බලාගනී.
රට වැසියන් සියලු දෙනාම ආරක්ෂා කරගත යුතුයි. වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න උසාවි තිබෙනවා...
එතුමා සමග මාවිල්ආරුවෙන් වැඩ පටන් ගත්ත ඔබලා එතුමාගේ වටිනාකම දන්නවා ඇති. එතුමා රැක ගන්න පිලිපීනෙට මාකෝස්ලා ඕනේ උනාවගේ අනාගතේ එතුමා නැවත ඕනේ වෙනවා .