(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද (15) නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රා ජයරත්න ඇතුළු පෙත්සම්කරුවන් විසින් ගොනුකරනු ලැබ තිබූ පෙත්සම් ශේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (15) කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.
මෙම මෝසම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ඩී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් මෙම මස 27 වන දින තෙක් විදේශගත නොවන බවට ද අධිකරණය හමුවේ පොරොන්දු වූහ.
මෙහි තවත් වගඋත්තරකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරණයේ දී පොරොන්දු විය.
මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න, ප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජුලියන් බෝලිං ඇතුළු තිදෙනකු විසිනි.
රටේ ආර්ථික අර්බුදයට සම්බන්ධ වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා පියවර ගන්නා ලෙසට ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම්
pakeer Friday, 15 July 2022 05:46 PM
මහින්ද ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ඇඩ් එකට නම් මරු...
kamal Friday, 15 July 2022 05:52 PM
පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි කියලා මොකද මේ තකහනියක් ඩුබායි යන්න තටමන්නේ...?
BamunuarachchiFriday, 15 July 2022 07:32 PM
පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි කියලා... මොකද මේ තකහනියක් ඩුබායි යන්න තටමන්නේ...? මට විතරද මව්බිම ඕනේ...? අනික් අයට එකසැරයක් එපා නම් මට දහසැරයක් එපා කියලා හිතන්න ඇති. මොවුන්ගේ අතුණු බහන් සවලෙන් එකතු කරන්න ඉඩ නොදී මම මොන කෙන්ගේඩියකටද මේ රට මේ ගුණ මකුවන්ට බේරා දුන්නේ කියලා හිතනවා ඇති. බමුණුආරච්චිට නම් එහෙම හිතෙනවා. මම දැන් දෙමළ ඩයස්පෝරාවට මොරාල් සපෝට් එක දෙනවා. ඔවුන්ගේ ෆන්ඩ් එකට සල්ලි දෙනවා...
Siri Friday, 15 July 2022 11:38 PM
දෙන්නම රටේවත් නැහැල්ලු. 'අශ්වයා පැනගිය පසු ඉස්තාලය වහලා වැඩක් තියේවිද..?