
සුජිත් හේවාජුලිගේ
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ( backup vehicle)තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇත.
ලියුමක් යවමින් මෙම දැනුම්දීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.
හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ නිවසේ රැඳී සිටින හෙයින් කොළඹට පැමිණි පසු එම වාහන බාර දීමට කටයුතු කරන බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපති ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ නිකුත් වීමටත් පෙර මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගමන් ගන්නා වාහන කිහිපයක් නැවත භාර දෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.
මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත් ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත් ඔහු සඳහන් කළේය.
මෙවැනි කටයුතු කරන්නේ බුද්ධි අංශ වලින් අහලා දැයි තමා ප්‍රශ්න කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා යුද්ධය විකුනලා කරපු සුද්ධය නිසා තමයි රටට මෙච්චර විනාශයක් සිද්ධ වුනේ. තවමත් බලන්නේ යුද්ධයේ නාමයෙන්ම යැපෙන්නයි.
එතකොට මහින්ද චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කලේ ඒ කාලේ?
ඉන්දියාවේ රන් දෙවොල ත්‍රස්තවාදයෙන් බේරා ගත් එම සටනට නායකත්වය දුන්න සීක් ජාතික ජෙනරාල් වරයා මරාදම්මේ සටන් අවසන් වෙලා සීක් බෙදුම්වාදය අවසන් වෙලා අවුරුදු 10කටත් පස්සේ. ඒක නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රධාන නිලධාරීන්ට ජීවිතාන්තය දක්වා උපරිම ආරක්ෂාවක් දිය යුතුයි...!
යුද්ධය අවසන් කලේ ඔහු විසින් තනියම නොවෙයි නේද? ඒ කතාව එහෙම නම් යුද්ධය අවසන් කළ සමයේ සිටි හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙලේ ආරක්ෂක අංශ සාමාජිකයින්ටත් මේ ආරක්ෂාවම හිමිවිය යුතුයි. මොකද මහින්ද රාජපක්ෂ මහතාට වැඩිය සක්‍රීයව දායක වුනේ ඔවුන් නිසා. අනික දැන් මොකට බය වෙන්නද, නිරූපමාගේ සැමියා ඉන්නේ මොනා හරි වුණොත් බේරාගනීවි. මේතරම් ධන සම්භාරයකට හිමිකම් කියද්දීත් ඇයි තවත් ජනතා බදු මුදලින් යැපෙන්නේ, අඩුම තරමින් හිරිකිතයක්වත් නැද්ද?
මොන ගොනාද එහෙම කරන්නේ?
මෙතුමාට ලොකුම තර්ජනේ තියෙන්නේ අපි හැමෝටම වගේ කර්මයෙන්. ඒකෙන් ගැලවෙන්න බැකප් රථ තුනක් මදි, මං හිතන්නේ...!
හොරෙක් රකින්න රජයේ වාහන දීලා ජනතාවගේ මුදල් නාස්ති කරනවාට අපි විරුද්ධයි.
මහින්ද මහතා කොටි අවසන් කළ එකම නායකයා. ඒ ගැන වග කීමෙන් කටයුතු කිරීමට රටම බැඳී සිටිනවා.
මොකද මේ ඇවිදගන්නත් බැරි කෙනාට ආරක්ෂාව...? රට විනාශ කරලා පවුල් පිටින් රටේ සාරය උරාගත්තා මදිවටද? කරණ කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... අපායට යන්න ඉස්සෙල්ලා මේ ලෝකෙදීත් ජනතාවට දැනගන්න දඬුවම් දිය යුතුමයි.
මේවා ඉතාමත් සන්වේදී තීරණ. රාජපක්ෂ පරපුර මේ රටේ ජාතික ධනය ගසාකෑවා, හොරකම් කළා කියන එක පොදු පිළිගැනීම. ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. නමුත් ඔහු මේ රටේ 30 වසරක යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න නායකයා. ලෝකයෙ ප්‍රබලම ත්‍රස්තවාදීන් විනාශ කරන්න දේශපාලන නායකත්වය දිපු නිසා ඔහුට ජීවිත තර්ජන ඇති. මේ නිසාම මේ තීන්දුව වැරැදියි. හිතුවක්කාරියි. මේවා jvp ගැලරිය චූන් කරන්න, පාර්ලිමේන්තු ඡන්ද ගොඩ දිහා බලාගෙන කරන දේශපාලන තීන්දු. මේවාට වඩා කළ යුතු දේවල් රජයට ඇත. ජීවන බර අඩු කිරීම, පඩි වැඩිකිරීම, පොරොන්දු වූ සහන ලබාදීම. රජයට මාසයක් ගතවෙද්දි, වේදිකාව උඩදී දුන්නු පොරොන්දු ප්‍රායෝගිකව ඩිලිවර් කළ නොහැකි බව රජය විසින්ම ඔප්පුකරගෙන යනවා. ඒවා වහගෙන ගැලරිය චූන් කරන මෙවන් දේවල් ගැන මොලේ ඇති මිනිස්සු. හිතාවි. ජීවිතේට මම රාජපක්ෂ වෙනුවෙන් ඡන්දෙ දීලා නැහැ...
අපි ඔක්කොම දැක්කා මේ රටේ හිටපු අභීත සෙන්පතියෙකු සහ කොටි සංවිධානයේ මරණ තර්ජන වලට ලක්වුණු ජනක පෙරේරාට රාජපක්ෂ ආණ්ඩුවෙන් ආරක්ෂව අයින් කරලා කරපු දේ...!
ඔක්කොම බැකප් රථ කීයක් තියෙනවද, එක්වරකට කීයක් පාවිච්චි කරනවද, අනවශ්‍ය රථ (ගෙදර බල්ලන්ගේ, පූසන්ගේ ඒවා) කීයද කියලා පොඩ්ඩක් බලලා තීරණය කළා නම් ප්‍රශ්නයක් නෑ..
මහින්ද ජනාධිපති වෙලා චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කළහැටි මතක් වුණා.
ඒ යුද්ධය ජයග්‍රාහීව මෙහෙයවපු මහා සෙනවි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිඳුන්? කම්බ හොරුන්ට එවන් කම්බ හොරුන් මෙන් හැර අවැසි මහජනයාගෙන් කිසිඳු හිරිහැරයක් සිදු නොවනු ඇත...!
ආණ්ඩුව හදන්න දේශද්‍රෝහීන් දුන්න සහයට කලගුණ සලකන එක එයාලගේ යුතුකම...
මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාගේ ආරක්ෂාව නැතිකළ හැටි මතක නැද්ද? යුද්ධය කළ සරත් ෆොන්සේකාව හිරේ දාපු හැටි සාගර දන්නේ නැද්ද? යුද්දේ කරපු නායකයා කියනවා ඒක දවසක්වත් යාපනේට ගියේ නැති මිනිහෙක්ට... මේවා හොඳයි මෝඩයින්ට කියන්න.
සිංහලෙන් කතාවක් තියෙනවා “ගැරඬි මරලා පව් පුරවාගන්න හොඳ නැහැ” කියලා. මට ඒ කියමන මතක් වුණා...
යුද්ධය කළේ මහින්ද මහත්තයා නොවෙයි ත්‍රිවිද හමුදාව, පොලිසිය. ඒ යුද්ධය තව හමුදා පතිවරයෙකුට නොතබා අවසන්කළ එවකට හමුදාපති ජෙනරාල් සරත්ෆොන්සේකා මහතාව තම කැළෑ හමුදා නීතිය යොදවලා බලු කුක්කෙක් වාගේ ඇදගෙන ගිහිල්ලා කැලෑ නීතියෙන් නඩු අහලා තරුපටි ගලවලා මේ වගේ කෙනෙක් හමුදාවේ නොසිටි බවට ඉතිහාස පොතෙන් මකා දැම්මා මතකද..? නිකම්වත් ඒ වෙලාවේ හිතුණාද මේ ශ්‍රේෂ්ඨ මනුස්සයා රටට ජාතියට මොනතරම් සේවාවක් කළාද කියලා. ඒ කරපු ම්ලේච්ඡත්වයට නම් මරණ මොහොතට පෙර විඳවන්න වෙනවාමයි. ඒක වෙන්නේ බොහෝදුරට සරත්ෆොන්සේකා මහතාගේ අත්සනින්මයි. පහුගිය දවස්වල එතුමා හදිසිවුණා... නැතිනම් එතුමා ආරක්ෂක ඇමැතිවෙලා ඒක කරන්න තිබුණා. බලා සිටිමු කර්මය නඩු අහන හෙට දවස ගැන....
ප්‍රභාකරන්ට අවුරුදු 30 යුද්ධ කරලත් බැරිවුණා. රටේ ආර්ථිකය විනාශ කරන්න, රාජපක්ෂ පවුල එම කර්තව්‍යය කෙටි කාලයක් තුලදී කළා. එම නිසා රාජ්‍ය විරෝධී ත්‍රස්තවාධීන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ.. ඔහු මරන්න... ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔහුට පාරේ බැහැලා යන්න බැහැ. මිනිස්සු දැන් ඔහුට ප්‍රසිධියේ බැන වදින්න පටන් අරන්, ඒකට කළ යුත්තේ ගෙදරට වෙලා ඉන්න එක..., ඔය වැඩේට බැකප් රථ අවශ්‍ය නැහැ. පොලිස් රාළහාමිලා 2-3 හිටියාම හොඳටම ඇති...
ම්ම්ම්.. චන්ද්‍රිකා ආච්චි ඇස් දෙකෙන් දුටු 1000 මිලියන ඩොලර් ටික ලංකාවට ගේන්නකෝ සාගර - මීට පවිත්‍රා...
රටේ විනාශයට වගකිවයුතු හිටපු ජනාධිපතිවරුන් 3 දෙනෙක් වේදිකාවක එකට වාඩිවෙලා තමන් රටට කළ විනාශේ නිකන් විහිළුවකට අරන් එකිනෙකා සමග සතුටු සාමීචියේ යෙදෙමින් සිටිනවා දැක්කා. මේවා දැක්කාම රටේ මිනිස්සුන්ගේ ඔවුන්ට විරුද්ධව සාධාරණ කෝපයක් මතු වෙනවා. විශ්‍රාමගිය නම් පැත්තකට වෙලා ඉන්න ඕනේ... බැකප් රථ අවශ්‍ය නැහැ...!
බුද්ධි අංශවලින් අහන්න දෙයක් නෑ. පරණ ජනාධිපතිලගෙන් අහන්න දේකුත් නැහැ. ඔය කාරියවසම් කියන ගොඩ පෙරකදෝරුවගෙන් අහන්න දේකුත් නෑ. ඔක්කොම රජයේ විශ්‍රාමගත් රජයේ සේවකයින්ට දෙන ක්‍රමයටම කරන්න. ජනාධිපති කියලා ඒගොල්ලන්ට රජවරු වගේ සලකන එක වැරැදියි. ජනාධිපති කියන්නේත් රජයේ සේවකයෙක්...!
රට මුදාගත් හමුදාපතිවරුන්ට හා මිය ගිය, ජීවත්ව සිටින සියලුම හමුදා සෙබළුන්ට අපි සදා ණය ගැතියි. එවකට සිටි රාජය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාටද අපි ස්තුති වියයුතුයි. මෙයට පෙර සිටි නායකයින් වගේ යුද්ධය නවත්වන්නේ නැතිව කරගෙන යාමට ඉඩදීමට...
ආරක්ෂාව ගැන හිතනවා නම් බැරි මරගාතේ බල තණ්හාවට දේශපාලනය කරන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා නම් රටේ මුදල් හරි ඉතුරු වෙනවා නේද?
මහින්ද රටට කරපු විනාසේ හැටියට යම රජ්ජුරුවෝ සහ යම පල්ලෝ ඉන්නවා එයා ගැන බලාගන්ඩ...?
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි, මහින්ද රාජපක්ෂට විරුද්ධව තිබෙන සියලුම චෝදනා වලට වහාම නඩු පවරන්න. ඒ තිබෙන චෝදනාවලට ගම්කබරයා අනිවාර්යයෙන්ම, අඩුම වශයෙන් අවුරුදු 10 කටවත් බරපතල වැඩ සහිතව හිරේට යනවා. මිනිහා දැන් ඉන්න තත්වය අනුව හිරේදීම " වලකජ්ජ ගහනවා " නියතයි. ඉතින් එහෙම කළාම මහින්දට කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. කිසිම ප්‍රතිපාදනයක් අවශ්‍ය නැහැ. ඔය පෙන්ෂන් ගිහින් ඉන්න නරුම ජනාධිපතියෝ ඔක්කෝටම ඔය ක්‍රියාමාර්ගය ගන්න...
අපි අනුර සහෝදරයාට ඡන්දය දුන්නා. ඒ වෙනුවෙන් හඬක් නැගුවා. හැබැයි මහින්ද මහත්තයාට දීලා තියෙන ආරක්ෂාව අත්තනෝමතික විදියට ඉවත් කරනවා නම් ඒක වැරැදි වැඩක්. නිසි ආරක්ෂක උපදේශක මණ්ඩලයක තහවුරුවකින් එය සිදුකර අනවශ්‍ය ආරක්ෂාවක් සපයා ඇත්නම්, අවභාවිතා කර ඇත්නම් ඉවත් කිරීම සුදුසුයි. මහින්දලාගේ දේශපාලන භාවිතාවට කිසිම එකඟතාවක් නැති බවත් කිවයුතුමය.
ඉතාම පහත් ආකාරයේ බාල තීන්දු. තිස්වසරක යුද්ධය අවසන් කරලා මේ රටට සාමය රැගෙන ආ ජනාධිපතිවරයෙක් ලෙස ඔහුට ඇති ජීවිත තර්ජන නියම ආකාරයෙන් තක්සේරු කරලා ගත යුතු තීරණ මිස දුන් පොරොන්දු ඉටුකරගන්න නොහැකිව බාල ආකාරයෙන් ගැලරිය චූන් කරන්න සහ තමන්ගේ නොහැකියාව වහගන්න මෙවැනි තීරණ නොගත යුතුයි. ඔහු වරදක් හෝ රටේ ධනය හොරා කා තිබේ නම් නිසි ආකාරයෙන් පරීක්ෂණ පවත්වා අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුයි. එසේ නොමැතිව සියලුදෙනාට නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් ලබාදුන් ගෞරවය කෙලෙහිගුණ දත් ජාතියක් ලෙස අපට තිබිය යුතුයි...
යුද්ධ කරපු ෆීල්ඩ් මාෂල්ට පාරේ යන්න බය නැතිනම් මොකටද බයවෙන්නේ...? අනික ත්‍රස්තවාදේ තුරන් කළා නම් මොකටද බය වෙන්නේ?
ඔය කෑගහන්නේ කාලයක් තිස්සේ ඕවාට හුරුවෙලා එකපාරම දරාගන්න බැරි කම මිසක් අවශ්‍යතාවක් ඇතිවෙලා නෙවෙයි. අනිත් එක තනියම ඇවිදින්නවත් වාරුනැති හාදයෙක්ට මොන ජීවිත තර්ජනද...? එකම තර්ජනේ තියන්නේ මාරයාගෙන්... ඒක නවත්තන්න මුළු හමුදාවම දැම්මත් කරන්න බැරි වැඩක්...!
හොරු රකින්න අපේ බදුසල්ලි වලින් වාහන දෙන්න බෑ. මහින්දගේ වාහන පදින්නේ එයාගේ පවුලේ මිනිස්සු...!
අදහස් දක්වපු හැමෝම දැනුවත් වෙන්න ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදී දාමරිකයා 1983 සිට 2005 වෙනකම් අවු 22 ක් රටේ ජනාධිපතිවරු 4 දෙනෙකුට සහ හමුදා ජනරාල් 09 දෙනෙකුට ගැහුවා. 2005 රටේ වාසනාවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා අවුරුදු 03 න් රටේ තිබුණු භීෂණය, හමුදා මරණ, දේපල විනාශය මරණ බිය සියල්ල සහ මුලින්ම ඉවර කළා. කොයි හමුදා නිලධාරියත් වීරයෝ වුනේ 2005න් පස්සේ... එතකම් දුවනකම් ගැහුවා. තනතුරු නැතිවුනා අදටත් සමහර කෑම්ප්වල මැරුණු අය දන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ එඩිතර, නිවැරැදි නායකත්වය එතුමාට තමයි තර්ජනය තියෙන්නේ එය නිසා එතුමාට ආරක්ෂාව දිය යුතුයි...
මහින්ද යුද්ධයට දේශපාලන නායකත්වයක් දුන්නු කෙනා. යුද්ධය අවසන් කිරීම මහින්දට පෙර සිටි නායකයගේද දායකත්වය ලැබුණා. කොටි කියන්නෙ මේ රටට වැඩිම හානිය කළ සංවිධානය. දෙවනුවට වැඩිම හානිය කලේ ජවිපෙ. මේ යතාර්ත විදේස රාජ්‍යතාන්ත්‍රිකයො කියල තියන දෙයක්. මහින්දගෙ ආරක්ශාව අඩු කළ එක සදාචාරාත්මක නෑ. ඒ වගේම මහින්ද විසින් ජානක පෙරේරගෙ ආරක්ෂාව, සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව ඉවත්කි රීමත් සදාචාරාත්මක නැ. අද මහින්දට වෙලා තියෙන්නෙ දිට්ටදාම්මවේදනීය කර්මය. මාලිමාවටත් කවදා හෝ දිට්ටදම්මවේදනීය කර්මය පටිසන් දේවි.ඒ මහින්දට කළ දේවල් නිසා නෙවෙයි 71දි,89දි මේ රටේ තරුණ ජීවිතවලට, දේපළවලට කළ විනාසය වෙනුවෙන්. රජය මේවට ද බලය ගත්තෙ.?කෝ කීව ජනතා සහන?
මොවුන්ගේ මුලු සන්හරේම නම් සාපයක්...
ආසියාවේ ආශ්චර්යය පෙන්වපු, කන්ඩ නැතත් නිදහසේ ජීවත් වෙන්ඩ තිබු රටත් මහා පරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා විනාශ කරපු මහරජානෝ ? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු මහින්දයාට නැති කෙළෙහි ගුණය ජනතාවට තිබුනොත් මදෑ?