( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ අගමැති ධුරය දැරීමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කළ අතර තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.



( ඡායාරූප - ඉෂාන් සංජීව )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකේද දන් වළඳන්නේ?
හැමදාම හොරකමෙන්, බොරුවෙන්, වංචාවෙන් ජීවත්වෙන්න බැහැ කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි ඔබතුමා...
අනේමන්දා හැම කෙනාම පොරකනවා. අපි සහ අපේ ළමයි අපේ රට ඇතුලෙම අනාථවෙනවා. දෙමළ මේ හැම දේකින්ම ජයඅරන් හෙට, අනිද්දාට ඊලම පිහිටෙව්වාම මේ තීන්දු ඔක්කොම සැපයි...
වන්ෂොටි අයියා හරි... මල්ලි දැන් හිත හදාගනිල්ලා අනිත් එකෙත් තීන්දුව ඔහොමම තමා කියලා. රනිල් අගමැතිට ජයවේවා කියපල්ලා දැන් ඉතිං.., මැතිවරණ නැති සමනළ පාලනයකට දැන් ලෑස්ති වෙයල්ලා... ජනාධිපතිගේ හුලං බැස්සා. වැඩක් හරියට කරන්න බැරිනම් නිකං ඉන්න ඕනෑ..
මේවත් ඉඩම් නඩු වගේ තමයි.
මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණ තව දුරටත් උසාවියට භාර නොදී, තමන් විසින්ම සිතා මතා නිවැරදි තීරණයක් ගනී යයි සිතමි.
දැන් අධිකරණය පද්ධතියම විසුරුවමු.
මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණ තව දුරටත් උසාවියට බාර නොදී, තමන් විසින්ම සිතා මතා නිවැරදි තීරණයක් ගනී යයි සිතමි...
සිරා ඇනගත්තා නේද? මට දුක අපේ මහින්ද මහත්තයා සිරාගේ ලණු කාලා පීචන් වෙච්ච එක.
ඉඩම් වලට හොර ඔප්පු ලියන්නා සේ, ආණ්ඩුවට හොර අයිතිය පෙන්වීමට එරෙහි වන රිට් නියෝගයක් දී තිබේ. බලෙන් පැහැරගෙන ගොස් දූෂණය කරන්නාසේ ආණ්ඩුව මංකොල්ල කරුවන් විසින් පසුගිය ඔක්තෝබර් 26 එසේ සිදුකර ඇත.
මේ කල්මැරීම් සහ මුදල් නාස්තිය නතර කරලා මැතිවරණයකට යන්න අවස්ථාව සලසලා දුන්නා නම් රටේ ජනතාව ආණ්ඩුවක් පත්කරගනීවි. ත්‍රස්තවාදී හෙවනැලිත්, පෙරහුරුත් රටේ අනිත් කොනෙන් ඇසෙන නිසා බලවත් ආණ්ඩුවක් ලංකේය ජාතියට ඕනේ වෙලාවක් මේ...
කොහොම හිටිය, කොහොම ඉන්න තිබ්බ නායකයෙක්ද? බලයට තින පෙරේතකමයි. සල්ලි, පවුලේ අය සමග රජකරන්නයි..
රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වැදගත් පියවරක්...
ආණ්ඩුව මංකොල්ල කෑ මැරයන්ට නියම දඬුවම දිය යුතුය. එසේ නොවුනහොත් මේ රටේ පාරක තනිවම ළමයකුට, තරුණියකට යා හැකිද?
පිස්සෙක් රජෙක් වුනත්, රජෙක් පිස්සෙක් වුනත් එකකි..
බොහෝවිට මේ අතුරු නියෝගය දෙන්නට ඇත්තේ, මෙහි තීරණයක් අද දුන්නා නම්, එය 7 වෙනිදා දෙන තීන්දුවට බලපෑමක් ඇතිවෙන නිසා විය හැකියි.
අද සිට 12 වෙනකන් අගමැති කෙනෙක් නැද්ද?
සිරිසේන මහත්තයෝ දැන් හරි ඔබ යන්නේ කවදාද ?
මහින්ද මෙහෙම පච කරානේ සිරා සහ රනිල්ගේ උප්පරවැට්ටියක් නිසා කියලත් මතයක් යනවා.
තමන්ගේ දරුවන්, බිරින්දෑවරුන් යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාව වගේ රටවල ජීවත්වෙන පිරිසට වඩා, මේ රට වෙනුවෙන් තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ වගේම සමහර දෙමව්පියන් ජීවිතයෙන් වන්දි ගෙව්ව උදවියට, රට ගැන සැබෑ කැක්කුමක් තිබෙනවා. මේ කරන දේශපාලන සුදුවට මේ රටේ අහිංසක ජනතාව විඳවනවා.. කරුණාකරලා පිස්සු කෙලින එක නැවත්තුවොත් හොදයි... අපිට තියෙන්නේ මේ රට විතරයි... තනිකරම රට අවුලෙන් අවුලට ගෙනයන අදුරදර්ශී ක්‍රියාවන්ගෙන් පක්ෂ විපක්ෂ සැවොම ඉවත් නොවුනොත් රටට ආදරය ඇති ජනතාවත්, රටත් අඳුරට යනු ඇත. අනිත් උදවිය රට හැර යනු අැත.
උත්තරීතර නීතිය මේකයි. බලහත්කාරයට සදා රජ කරන්න බැහැ. මහතැන අනපු දේ රටම අවුල් කළා. දැන්වත් ජනමතයට ඔළුව නමලා ගෙදර යන්න.
බොහෝ දෙනෙක් මැතිවරණයක් ඉල්ලනවා. අනේ මන්දා මේ අය මන්දබුද්ධිකද කියලා. මුලින්ම කළ යුත්තේ ජනපති කළ වරද නිවැරදි කරන එකයි. ඉන්පස්සේ මැතිවරණය...
සිදුකල අසාධාරණය 5 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා. ඒ වුණාට රට කරවන අයට තේරෙන්නේ නැහැ...
මංකොල්ලකරුවන්ට යස පාඩමක්...
එතකොට රනිල්මද මෙයා අායෙමත් අගමැති. ඔයාලා හරි නෝටියි අනේ...
එතුමා මේවට සැලන්නේ නැහැ...
මෛත්‍රී මහින්දයට හෝල් සේලේ එකේ කෑවා. නියමයි.
සත්‍ය ජයගනී. අතිගරු විනිසුරුතුමන්ලාට ජාතියේ ප්‍රණාමය.... හොරුන්ට මහජනතාව රැවැට්ටුවට නීතිය රවට්ටන්න බැරිබව පෙන්නපු ඓතිහාසික අවස්ථාවක්... රටට ජයෙන් ජය!!!
අද පටන් ඒකාධිපති හිටං...
දෙවරක්ම ජනපතිගේ තීන්දුවට තහනම් නියෝග ලැබුණා. දැන් කරන්න තියෙන්නේ ජනාධිපති ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් පැවැත්වීමයි.
බමුණුආරච්චි අද දවසම ඇඳ යට හැංගිලා ඉන්නවා කියලයි ආරංචි...
තීරණයට මාගේ උත්තමාචාරය...
මහින්දව නැති කෙරුවේ, එස්.බී., වාසු දේව, විමල් වීරවංස, ගම්මන්පිල, වලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, පීරිස්, රත්තරන් කාරයා, ආදී කණ්ඩායමයි. ඔවුන්ට අපේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු!
19 වන සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණය ස්වාධීනයි. එමනිසා තීන්දු ස්වාධීනයි...!!
හපොයි !! හත්පොලේ ගාගත්තා නේද? රෑ රුපියල්, දවල් දැනියල් ගේ උපදෙස් අරගෙන වැඩ කරන්න බැහැ. රටක රාජ්‍ය නායකයින් තීන්දු තීරණ ගන්න ඕනේ පරම්පරා ගණනාවක් ගැන හිතලා. මුළු ලෝකෙටම විහිළුවක් වෙන්න නොවේ...
උසාවි විසඳුම් කල් මරමින් ඔය පාර කපන්නේ මිලිටරි ආණ්ඩුවකට වගේ පේන්නේ..
මේකේ අදහස් දාල තියෙන ගොඩක් දෙනෙක් කියල තියෙන්නේ නීතිය වැරදියි, කරපු නීතිවිරෝදී ක්‍රියාව හරි කියලා. ලංකාව කවදා හැදෙයිද?
හිටං නට්ටන්...
මේ කළ පහත් වැඩේට ප්‍රජා අයිතිය නැතිකර හිරේ දමන්න බැරිද?
රට අරාජික වෙලා කොටින්ට රටෙන් කෑල්ලක් කඩාගන්න නියම අවස්ථාව පෑදිලා තියෙන්නේ...
පව් අනේ මහින්ද... නානවා ඉවරයක් නැහැ. දැන්වත් ගෙදර යන්න.
මෙම තීරයේ පලකරන ඉතාම කෙටි නිවැරදි අදහසක් කෙරෙහි මගේ සිත යොමු වුණා. ප්‍රියන්ත මහත්මයා විසින් තබා තිබූ ඒ වැදගත් අදහස, ඔහුට ගරු කිරීමක් ලෙස හා ඊට එහා මට ලියන්න යමක් නොමැති නිසා එම අදහසම මමත් ලියමි. "පිස්සෙක් රජෙක් වුනත්, රජෙක් පිස්සෙක් වුනත් එකකි" පිස්සෙකු විසින් සිදුකළ කඩු හරඹය හෝ මඩු වලිගය වැනීමේ ආදීනව මේ වනවිට අපි භුක්ති විඳිමින් සිටියි.
මහින්ද මහතා දැන්වත් ඉල්ලා අස්විය යුතුයි. පුතාව ඔය තැනට පත් කරන්න. ඔහු අවුරුදු 3න් හොඳ නායකයෙක් වේවි...
බැටින්ද? ෆීල්ඩින්ද? කියන එක අදාළ නෑ. මහින්ද මහත්තයා මැච්‍එකේ ඉන්න කල් රට ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන්. අපි ඔබතුමා සමගයි.
මේක තමයි නියම වෙලාව රනිල්ට උදව් කරලා ෆෙඩරල් ගන්න.
ආණ්ඩුවක් නැති එකේ දැන් මොකටද අපි ටැක්ස් ගෙවන්නේ?
සිංහල බෞද්ධයාට විරුද්ධව නඩු තීන්දු විනිසුරුවරුන් අතරින් මෙම විනිසුරුවරුන් ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි. ඥානසාර හිමි හිරගෙට යැවීමට තීන්දුව ලබා දුන්නේද? මෙම විනිසුරුවරුන් දෙපලමයි.
ව්‍යවස්ථාවට සම්බන්ධ කාරණාවලදී තීන්දු දීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. තමන්ට අයිති නැති තීන්දුවක් දෙන්න ගිහින් මේ වෙලාවේ අභියාචනාධිකරණය ඇදගෙන නාලවගේ.
කඩේ යන අය මේවා දැකලා උන ගනීද දන්නේ නැහැ ?
12 වෙනිදාට ශ්‍රීලන්කන් යානාවකින් ගෝල බාලයන් සමග උසාවියට එන්න...
පර්සි මහින්ද යනු බලලෝභයෙන් පෙලෙන පුද්ගලයකු බව මනාවට පෙනේ... අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළිගන්නේ නැතිලු. කාට කියන්නද මේවා...? රටට හෙන ගහලා ගියත් කමක් නෑ. මේ අයට ඕනේ බලය ගන්න.
මහින්දගේ නඩු ටික දැන් අහන්න පටන් ගන්න පුළුවන්. ඕකටනේ මේ සෙල්ලම් ඔක්කොම දැම්මේ.
මෙතන සිටින පිරිසෙන් 1% ක් වත් මෙම තීන්දුව හරියට කියවා තේරුම් ගෙන නැහැ. මෙයින් මහින්ද ඇතුළු පිරිස වරද කරුවන්වත් රනිල් ඇතුළු පිරිස නිවැරදි කරුවන්වත් කියා තීන්දුවක් දී නැහැ. එහෙත් මෙම නඩුවිභාගය අවසන් වනතුරු තනතුරු වල රැදී නොසිටීමට සාමාන්‍ය නිතිය යටතේ නියෝග කර ඇත. තේරුම් නොයාම අහඹු සිදුවීමක් නම් නොවේ. තමන් වෙත ආ බොරු කොටි ගණන් විස්වාස කර ලැබෙන සුළු වෙනසක් බලාගෙන, මුළු රටම විනාස කරන යහපාලන හොරුන්ට ඡන්දය දුන්න මේ වගේ ගොන් හරක් ටිකක් ඉන්න රටක් නේ මේක.
ලංකාවේ අයට දැන් සනීපෙට නින්ද යයි. ඕකනේ ඕන කිවුවේ. රට විනාශ වුනාට කමක් නැහැ නේද මචන්ලා.
ජනාධිපති ලිද ලග... බාල්දිය පාර්ලිමේන්තුවේ....
කාටවත් ආණ්ඩුව ගෙනියන්න බැරි වෙයි. 2015 අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵල දැන් වලංගු නැහැ. 2018 මැතිවරණයෙන් එක පැහැදිලියි. මහ මැතිවරණයකට ගොස් ජනතාවට ඉඩ දෙන්න.
මෙම තහනම් නියෝගය නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයකි. අතුරු තහනම් නියෝගය මගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කටයුතු එම නඩුව අවසන් වනතුරු අත්හිටුවා ඇත. ඒ අනුව රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය පවත්වාගෙන යාමේ අභිමතානුසාරී බලය අවසන් වශයෙන් පැවරෙන්නේ විධායක ජනාධිපතිවරයා හටය.
අගේට පිපීගෙන ආපු පොහොට්ටුව තණ්හාවට බලෙන් පුප්පන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් මේ. ස්වර්ණ හංස ජාතකය මතක් වෙනවා.
මේක තමයි යහපාලනයේ ප්‍රතිපල.
සිංහලයා දන්නේ නැහැ, තමන්ගේ වල තමන් විසින්ම කපමින් සිටින වග. මහින්ද හෝ රනිල් නොව රටට වෙන විපත බලන්න. ඡන්දයක් ඉල්ලන්න සිංහලුනේ, ඒක තමන්ගේ දුවාදරුවන්ට ලබාදෙන හොඳම දේ. පාට කන්නාඩි ගලවන්න.
කරුණාකරලා ශ්‍රී ලංකාවේ සුභ සිද්ධිය සලකා කරුණා කරලා අයින් වෙලා යන්න . රනිල් මහත්තය ආපසු ඇවිත් වැඩ බාර ගෙන රටේ යහපත සලකා නැවත මැතිවරණයක් පවත්වා නැවත පාර්ලිමේන්තුවක් හදා ගන්න දිනන යට පුළුවන්. පුටු වලින් පොත් වලින් මිරිස් කුඩු වලින් පාර්ලිමේන්තුවට අගෞරව කරන අය එලවලාම දමන්න. අනාගතයේ පාර්ලිමේන්තුවට තිබු ගෞරවය භික්ෂුවට තියන ගෞරවය සදහටම කෙලෙසී යන වගයි පෙනෙන්නේ.............
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට දාලා නිකන් සවුත්තු කෙරුවා. අපරාදේ.
ඔය 225 ගෙදර යවන්න ඔය යක්කු කරන දෙයක්වත් දන්නා දෙයෙක්වත් නැහැ..... බොරුවට සල්ලි නාස්ති කරනවා නිලධාරින්ට වැඩි වැටුපක් ගෙවල වැඩ ටික කරගත පුළුවන එකෙන් වැඩෙන රටට හොදකුත් වේවි.........
අමිත මහත්තයෝ 2015 මැතිවරණ ප්‍රතිපල දැන් වලංගු නැත්නම් එක්දහස් නවසිය අසූ ගණන්වල ශ්‍රී ලංකාව දිනූ ලෝක ක්‍රිකට් සූරතාවත් දැන් වලංගු නැහැ.ඉන් පසුව වාර ගණනක්ම ලංකාව පැරදුනු නිසා
අනේ මන්දා... මේ කට්ටිය කූරියා ගහන්නේවත් නෑනේ...